Wednesday, June 10

Police Arrest


ස්ථාන 800ක කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ
හොරෙන් වීඩියෝ කරපු කාමාතුරයාට වෙච්ච දේ
අවුරුදු 17 ක වීඩියෝ එකතුවක් තිබිලා...
අන්තර්ජාලයට මුදා හැරලා..?

රහසිගතව ගන්නා ලද අසභ්‍ය වීඩියෝ පට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ස්කයික් කැමරා තාක්ෂණය ඔස්සේ ලබා ගත් වීඩියෝ පට 1,400 ක් පමණ මොහු සතුව තිබු බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිංගප්පුරුවේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 2003 වසරේ සිට මෙම පුද්ගලයා විසින් කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ වීඩියෝ ස්කයිප්, දුරකතන සහ තවත් විඩියෝ යෙදවුම් හරහා මේවා පටිගත කර ඇති බවයි සිංගප්පූරු පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.

සැකකාර පුද්ගලයා විසින් පොදු ස්ථාන, නානකාමර, සාප්පු සංකීර්ණ සහ වැසිකිළිය තුළ ද රහසිගතව සවි කර තිබු කැමරා ආධාරයෙන් ද මෙම වීඩියෝ පට ලබාගෙන තිබෙනවා.

මොහු සිය කාර්යාලයේ කාන්තාවකගේ වීඩියෝවක් එලෙස ලබාගැනීමට යාමේදී ඇය විසින් මොහු සම්බන්ධයෙන් සැක කර, තමන් වෙත පැමිණිලි කළ බවයි පොලිසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී සැකකරු විසින් 800කට අධික ස්ථානවලදී මෙම ක්‍රියාව කර ඇති බව ද ප්‍රකාශ කර තිබුණා.

අදාළ වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැර ඇති දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිත බවයි සිංගප්පූරු පොලිසියේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙන්