Thursday, June 4

Pregnant elephant dies allegedly after eating pineapple

Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

ගැබිණි, ඇතින්නීයකට අන්නාසි ගෙඩිය තුළ වෙඩි බෙහෙත් තබා 
ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 
වනජීවි නිලධාරීයෙකු තැබු සංවේදි සටහන
ඇය මිනිසුන්ව විශ්වාස කරලා මිය ගියා...
දරුවා නැතිව මං ජීවත් වෙලා මොනවා කරන්න ද...?


ගර්භනී ඇතින්නීයකට අන්නාසි ගෙඩියක් තුළ වෙඩි බෙහෙත් තබා ඝාතනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ අදාළ සිදුවීම සිදුවී ඇති බවයි එම වාර්තා සඳහන් කළේ.

එම ප්‍රාන්තයේ පල්ලකඩු නම් ගම්මානයේ මෙම ඇතීන්නිය පැමිණ ඇති අතර එහි වැසියින් මෙම සත්ත්වයාට මෙලෙස අන්නාසි ගෙඩියක් ලබාදීමටයි කටයුතු කර තිබුණේ.

දැඩි කුසගින්නේ සිටි එම ඇතීන්නිය එය ආහාරයට ගැනීමෙන් අනතුරුව පුපුරා මිය අතර එහිදී කුසෙහි වර්ධනය වෙමින් සිටි පැටවා ද මිය ගියා.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ වනජීවි නිළධාරියෙකු සිය මුහුණු පොතෙහි ඉතා සංවේදී සටහනක් ද තබා තිබුණේ මෙලෙසින්.

" ඇය ගැබිණියක්, එහි සිටි සියලු දෙනාවම ඇය විශ්වාස කළා, ඇය අනුභව කළ අන්නාසි ගෙඩිය කුසෙහි පුපුරා යනවිට අනිවාර්යයෙන්ම කම්පාවට පත්වන්නට ඇති. මක් නිසාදයත් ඇය තවත් මාස 18 ක් හෝ 20 ක් ඇතුළත දරුවෙකු බිහි කිරීමටයි සූදානමින් සිටියේ. ඇයගේ මුඛයෙහි පුපුරා ගිය වෙඩි බෙහෙත් අධිබලක්ශක්ති ඒවා විය. මුඛයත්, දිවත් දැඩි ලෙස තුවාලවී තිබුණා. වේදනාව ඉවසාගැනීමට නොහැකිව ඇය ගම පුරා දිව ගියා. මුඛයෙහි ඇති වූ තුවාල හේතුවෙන් කිසිවක් ආහාරයට ගැනීමට නොහැකිව සිටියා. දරාගැනීමට නොහැකි වේදනාවෙන් සිටියත් ගමේ කිසිවෙකුටත් හිංසා සිදු කළේ නැහැ. එම ප්‍රදේශයේ කිසිදු හානියක් සිදු කළේ නොමැත. එම නිසායි කියන්නේ, ඇය හොඳ කෙනෙක්. අවසානයේදී ඇය වේදනාව දරාගැනීමට නොහැකිව එහි තිබු ඇළකට බැස සිය තුවාල ජලයෙන් පොගවා ගත්තේ, ඒ මත සිටි මැස්සන් සහ කෘමින් පළවා හැරීමේ අරමුණින්.

මෙලෙස ඇළෙහි සිටි ඇයව මුදා ගැනීමට සුරේන්ද්‍රන් සහ නීලකාන්තන් යන ඇතුන් දෙදෙනෙකු රැගෙන ආවෙමු. නමුත් ඇය තමන් මිය යන බව දැන සිටියා විය හැකි. ඇය අපට කිසිවක් කිරීමට ඉඩ දුන්නේ නැහැ. එය දැක අප පුදුම වුණෙමු. අප රැගෙන ආ ඇතුන් ද ඇය දෙස බලා කදුළු සලමින් සිටියා. පැය ගණනක් උත්සහයන් අපතේ යවමින් මැයි 27 වනදින සවස 4ට පමණ මෙලොව හැර ගිය අනතුරුව අප ඇයව මුදා ගත්තෙමු.

ලොරියක ආධාරයෙන්, ඇයව වනය තුළට රැගෙන ගොස් කුඩා වියෙහි ක්‍රීඩා කළ භූමියේ නිදි කරවා. දේහය මත දර තබා ආදහනය කළෙමු. ඇයගේ මුවෙහි තිබු වේදනාව අපට දැණුනි. ඇයට අප ගෞරවනීය සමුදීමක් ලබා දිය යුතුයි. ඇය ඉදිරියේ හිස නමා ආචාර කළෙමු. මනුෂ්‍යයෙක් හැටියට මා ඇයගෙන් සමාව ඉල්ලා සිටිමි. "

වනජීවි නිලධාරී මෝහන් ක්‍රිෂ්ණන්
ඉන්දිය මාධ්‍ය ඇසුරෙන්