Saturday, June 6

Tissamaharama Mother


ඉවසන්නම බැරි තැන, ඌව මරලා, වළ දැම්මා..
තිස්සමහාරාමය කම්පා කරමින්,
අනියම් සැමියා සමග එක්ව සිය ලෙයින් උපන් පුත්‍රයාව අන්තිම ගමන යැවූ මවක් කළ පාපොච්චාරණය
"පුතාව ඝාතනය කරන වැඩේට ඥාති සොහොයුරියකුත් සම්බන්ධ කරගෙන.."
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු එළියට ආපු දේ මෙන්න..

මුදල් ඉල්ලා කරදර කරනවයි කියා මව අනියම් සැමියා සමග එක්ව සිය එකම පුතු ඝාතනය කර වල දමා තිබියදී තිස්සමහාරාම පොලීසිය විසින් තිස්සමහාරාම
මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු වීරවිල ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබු සිරුර තිස්සමහාරාම මහේත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය ඉදිරියේදී 04 දින සවස ගොඩගනු ලැබීය.

පසුගිය 26 වන දින සිට සැමියා නිවසට නොපැමිණි බවට මරණකරුගේ බිරිද විසින් පසුගිය 27 වන දින තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබු අතර මරණකරුගේ මවද සිය පුතා තමන් සමග තිස්සමහාරාම නගරයට ගිය බවත් පසුව තමන් නැවතත් බස් රථයෙන් නිවසට පැමිණි බවත් මෙතෙක් පුතා නිවසට නොපැමිණි බවටත් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරහම්භකල තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.ජී.නිමල් මහතා ඇතුළු පොලිස් නිළධාරීන් කණ්ඩායම මෙම සිදුවිමට අදාලව සැක පිට මියගිය තරුණයාගේ මව වන 46 හැවිරිදි වල්පිටගමගේ කුමාරි මානෙල් නැමති අය හා ඇයගේ අනියම් සැමියාගේ ඥාති සහෝදරියක 04 දින අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් මව හා අනිත් කාන්තාවගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්ණ කර තිබේ.

එහිදී මියගිය තරුණයාගේ මව පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ සිය පුතා නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන නිසා වතුර මෝටරයක් අරගෙන දෙන්න කියා අනියම් සැමියා සිටි වගා භූමියකට රැගෙන ගොස් එහිදී අනියම් සැමියා හා ඔහුගේ ඥාති සොහොයුරියක එක්ව හිසට පහරදී සිය පුතු ඝාතනය කර වල දැමු බවයි.

අත්අඩංගුවටපත් කාන්තාවන් දෙදෙනාගේ කරුණු හෙළිකිරීම මත තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය හා හම්බන්තොට විශේෂඥ අධිකරණ වෛද්‍යනිළධාරී වෛද්‍ය ප්‍රනිත සෙනෙවිරත්ම මහතා ඉදිරියේදී සිරුර ගොඩගනු ලැබිය.

සිරුර පිළිබද සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වි ඇත්තේ හිස ප්‍රදේශයට මොට ආයුධයකින් එල්ල කල පහරකින් මෙම තරුණයා මියගොස් ඇති බවයි.

සිද්ධියට සැක පිට අත්අඩංගුවටපත් කාන්තාවන් දෙදෙනා මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාරජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය හා තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඩි.කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.ජී.නිමල්,පොලිස් සැරයන් වරුන් වන(69551)කෝනාර, (76846)රූපසිංහ, (39730)ක්‍රිෂාන්ත, (57939)කුලරත්න,(85274)ධනුෂ්ක හා පොලිස් කොස්තාපල් (90048)බංඩාර යන නිළධාරින් එක්ව පරීක්ෂණ පවත්වයි.

මත්තල ඩී එන් ජයසේකර
උපුටා ගැනුම - මව්බිම පුවත්පත