Wednesday, June 10

Coronavirus Wuhan - China


ලෝකයම කළඹමින්, මාරාන්තික
කොරෝනා චීනයේ වැඩ ඇරඹූ හැටි හෙළි වෙයි
වූහාන් නගරයේ රෝහල්වල රථ ගාල්හි චන්ද්‍රිකා රූප එළියට

නව කොරෝනා වෛරසය 2019 වසරේ අගෝස්තු මාසයේ දී චීනයේ ව්‍යාපත්වන්නට ඇතැයි හාවඩ් වෛද්‍ය විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයක් පෙන්වා දෙනවා.


එම පර්යේෂණය වූහාන් නගරයේ රෝහල්වල රථ ගාල්හි චන්ද්‍රිකා රූප සහ කැස්ස, පාචනය වැනි රෝග ලක්ෂණ පිළිබඳව අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඔස්සේ සොයන ලද දත්ත පදනම් කරගෙන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, 2019 වසරේ අගෝස්තු මාසයේ දී රෝහල් රථ ගාල් වැඩි වශයෙන් භාවිතා කර ඇති බවටත්, මීට පෙර උණ රෝග ව්‍යාප්ත වූ කාලයන්ට සාපේක්ෂව කැස්ස සහ පාචනය වැනි රෝග ලක්ෂණ පිළිබඳව තොරතුරු අන්තර්ජාලය ඔස්සේ වැඩි වශයෙන් සොයා ඇති බවටත් හඳුනා ගෙන තිබෙනවා.

source:Hiru Gossip