Monday, June 1

Meegahawatta 14 years old girl death

Meegahawatta, Murder, Gossip lanka sinhala news, Sinhala Gossip News,

දුගද නැති කරන්න වැසිකිළි වළට කාබයිට් දැමු පියා, දුව අහිමිකරගත් අනුවේදනීය කතාව
අම්මාගේත් දෙපා කපන්න සිදු වෙලා...
දැරිය රෝහලට අරන් යද්දීත් මිය ගිහින්...

නිවෙසේ වැසිකිළි වළ පිපිරී යාමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවියක් වන අතර ඇය වැලිවේරිය ඇබරළුව මිහිදු කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බවයි වාර්තාකරු කියා සිටියේ.

පොලිසිය ප්‍රකාශ කළේ, ඇයගේ පියා වැසිකිළිවලට කාබයිඩ් දැමීමෙන් අනතුරුව ඇති වූ පිපිරීමෙන් මිදුල අතුගාමින් සිටි සිසුවියකගේ මවගේ දෙපා ද අහිමිව ඇති බවයි.

ඇය දෙල්ගොඩ නගරයේ ලොතරැයි අලෙවි කරමින් සිටි කාන්තාවක ද වනවා.

නිවෙස පිටුපස ඇති වැසිකිළි වළ මීයන් හෑරීම නිසා දින කිහිපයක සිටි දුගඳ හමමින් තිබු බවත් එය නැති කිරීමට අත්තිවාරමේ ගලක් බවත් කර කාබයිට් දමා යළි වසා දැමු බවත් මිය ගිය තැනැත්තීයගේ පියා ප්‍රකාශ කළා.

පැයකින් පමණ පසුව විශාල පිපිරුම් හඬක් නගමින් වැසිකිළිවල පුපුරා ගිය බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

පිපිරුම සිදුවන අවස්ථාවේ අදාළ සිසුවිය වැසිකිළි වළේ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටගෙන සිටි බවත්, අනතුරුව ඇය වළ තුළට වැටි ඇති බවත් පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබුණා.

අදාළ පිපිරීමෙන් නිවසේ පිටුපස වහලයේ කොටසක් ද නිවෙස තුළට කඩා වැටි ඇති බව සඳහන්.

ප්‍රදේශවාසීන් විසින් සිසුවියගේ දේහය ගොඩගෙන ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඇය මිය ගොස් සිටි බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්