Friday, June 5

Michelle Knotek Goes To Prison


හිට්ලර් වැනි කුරිරු ඝාතන සිදුකළ මවක් ගැන, දියණියන් දෙදෙනෙකු හෙළි කරන, ඇග කිළිපොලා යන කතාවක්

"ඔහුගේ අතේ කැතී නිරුවත්ව වැඩ කරන බිම දණ ගාන පින්තූර තිබුණා.."
ඇමරිකාවම දෙවනත් කළ කුරිරු ඝාතන වැලක් ගැන තොරතුරු මෙන්න..
දහ නව වසරකට පසුවත් ඇය වෙනස් වෙලා ඇති කියන්නේ කොහොමද?
පිටතින් බැලූ විට නොටෙක්ස් පවුල සතුට සමාදානය රජ කරන තවත් එක් පවුල් සංස්ථාවක්. මේ පවුල ජිවත් වූයේ ඇමරිකාවේ වොෂිංටන් හි රෝමන්ඩ් නම් කුඩා ග්‍රාමයේයි.
රතු පැහැති කෙස් කළඹක් හිමි තරමක හැඩකාරියක් වූ මිෂෙල්, ප්‍රදේශයේ වඩා ජනප්‍රිය වී සිටියේ ෂෙලී නමිනුයි.

දියණියන් තිදෙනා මල් තුනක් මෙන් හැඩට වැඩට අන්දවා තබා ගැනීමට ඇය දැක්වූයේ පුදුම කැමැත්තක්..


ඇගේ සැමියා ඩේවිඩ් නාවික හමුදාවේ සේවය කළ අතර ඔහු දිවා රෑ ඇප කැප වූයේ දරු පවුල සතුටින් තැබීමටයි.
ෂෙලී හා ඩේවිඩ් විවාහ වෙද්දි ෂෙලී දෙවරක් දික්කසාද වූ දෙදරු මවක් වුණා. වැඩිමල් දියණිය නිකී දොළොස් හැවිරිදි වියේත් සැමි නව හැවිරිදි වියේත් පසුවුණා.
ෂෙලීගෙත් ඩේවිඩ්ගෙත් දියණිය ටෝරි ඉපදුණේ 1989 වසරේදීයි. දියණීවරුන් උස් මහත් වෙද්දි ඔවුන්ගේ පවුල විවිධ දුෂ්කරතා වලට මැදි වූ පුද්ගලයින්ට ක්ෂේම භූමියක් බඳු වුණා.
ඔවුන්ගේ බෑණා කෙනෙකු වූ දහතුන් හැවිරිදි ෂේන් වොට්සන් 1988 දී පවුලේ සාමාජිකයෙකු බවට පත්වුණා. ෂේන්ට නොටෙක්ස් පවුලේ සාමාජිකයකු බවට පත් වීමට සිදුවූයේ ඔහුගේ මාපියන්ට ඔහු රැක බලා ගැනීමට නොහැකි වූ නිසාවෙනුයි.
ෂේන් පවුලට එක් වූ වසරේ අවසානයේදී ෂෙලීගේ මිතුරියක වූ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වූ කැති ලොරේනෝ රැකියාව අහිමි වීම නිසා ෂෙලීගේ පිහිට පතා පැමිණියා.
ඇමරිකානු හමුදා සෙබළෙකු වූ රොන් වුඩ්වර්ත් මේ නිවසට පැමිණීයේ 1999 වසරේදී සිය නිවස අහිමි වූ නිසයි.
මෙලෙසින් නොටෙක්ස් පවුලට එකතු වූ ආගන්තුකයින් එකිනෙකා අතුරුදහන් වන්නට පටන් ගත්තා. ඔවුන් ගැන ඔවුන්ගේ නෑ හිත මිතුරන් හා අසල්වැසියන් විමසද්දි ෂෙලී පැවසුවේ මේ වන විට ඔවුන් සිය නිවසින් පිටව ගොස් ඇති බවයි.
එසේ නැති නම් වෙනත් නගරයකට ගොස් හෝ නව රැකියාවක් සොයා ගන්නට ඇති බවයි.
ලොවට පෙණුනු දේ ඇසුණ දේ 2003 වසර වන තුරුම සත්‍යයක් වුණා.
එහෙත් හඳ සාක්කි කියන්නාත් මෙන් නොටෙක්ස් දියණියන් තිදෙනා සිදුවූ සියල්ල පසුව පොලිසියට අනාවරණය කරනු ලැබුවා.
ඒ වන විට ෂෙලී පනස් හැවිරිදි කාන්තාවක්. ඩේවිඩ් පනස් එක් හැවිරිදියි. ඩේවිඩ් ට 1982 දී ෂෙලී හමුවන විට ඔහු සිතුවේ තමන්ට සුර දූතිකාවක් මුණ ගැසුණු බවයි.
"ලොව ලස්සනම තරුණිය" ඔහු ඇය හැඳින්වූයේ එලෙසිනුයි.
එහෙත් මුහුණේ සුන්දරත්වය හදවතේ නැති බව දැනගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. ෂෙලී ඔහුට අපහාස කළා. පහර දුන්නා. සියල්ල ඉවසා ගත් ඇයගේ කුරිරුකම් ඉදිරියේ ඔහු දෑස් නොපෙනෙන දෙසවන් නෑසෙන පුද්ගලයෙකු බවට පත්වුණා.
අවසන ඇගේ අපරාධවල සෙවනැල්ල බවට ඩේවිඩ් පත්වුණා. කැතීගේ මරණය නොටෙක්ස් දියණිවරුන්ගේ පළමු අත්දැකීමයි..
එහෙත් එය සැලසුම් කළ එකක් නොවන බව දියණිවරුන්ගේ විශ්වාසයයි. කැතී මිය යන විට තිස් හැවිරිදි වියේ පසු වුණා. ඇය ෂෙලී ඩේවිඩ් සමඟ විවාහ වනවිටද ඇය සමඟ සිටි මිතුරියක්. ෂෙලීටත් දරුවන්ටත් උදව් කරමින් වැඩි කාලයක් සතුටින් සිටීමට ඇයට ඉඩ ලැබුණේ නැහැ.
ඇයට නිරුවත්ව වැඩ කිරීමට ෂෙලී අණ කළා. ඇයට අවමන් කළා. නිදාගන්නට දුන්නේ සුනඛයෙකුට වත් නිදා ගත නොහැකි තැනකයි..
පුරා දස වසරක් තිස්සේ දහ දුක් විඳි ඇය 1994 දී ෂෙලීගේ දරුණු පහරදීමකින් මිය ගියා. ඩේවිඩ් මෙන්ම දියණිවරුන්ද එවකට ජීවතුන් අතර සිටි බෑනා, ෂේන්ද සියල්ල දුටු නමුත් ඒ ගැන පැවසුවහොත් සියල්ලන්ටම සිරබත් කෑමට සිදුවන බව පවසමින් ෂෙලී ඔවුන්ව බිය ගැන්වුවා. හොර රහසේ ඔවුන් කැතීගේ මිනිය පුළුස්සා අළු කරනු ලැබුවා.
කැතීගේ පවුලේ සාමාජිකයින්ට ෂෙලී පැවසුවේ ඇය රොකී නම් හාදයෙකු සමඟ පැන ගිය බවයි. සිය ඥාති සොයුරා ෂෙලීගේ මීළඟ ගොදුර වන බව ඔවුන් දැන සිටියේ නැහැ.
කැතීගේ මරණින් පසු ෂෙන් නිකිට කැතී නිරුවත්ව වැඩ කරන බිම දණ ගාන පින්තූර පෙන්වූවා. ඒවා ඔහු රැගෙන තිබුණේ පොලිසියට පෙන්වීමටයි. එහෙත් නිකීට මවගෙන් ඒ රහස සඟවා ගැනීමට නොහැකි වුණා. ඇය මවට ෂේන් ගත් ඡායාරූප ටෙඩි බෙයාර් ඇතුළේ සඟවා ඇති බව පැවසුවා.
එයින් ඥාති සොයුරාට අත්වන ඉරණම ගැන ඇයට වැටහීමක් තිබුණේ නැහැ. ෂේන්, නොටෙක්ස් පවුලේ සෙවණ පැතුවේ මාපියන්ගේ අසාර්ථක යුග දිවිය නිසායි.
ඔහුගේ පියා මංකොල්ලකරුවෙකු වූ නිසා නිතර නිතර සිරගත වුණා. මව මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියා. ෂේන්ව රැක බලා ගැනීමට කිසිවකු සිටියේ නැහැ. සරණයක් සොයා ඔහු පැමිණියේ මාරායා ළඟට බව ඔහු දැන සිටියේ නැහැ.
ඔහු ෂෙලී ගෙන් විමසන්නේ නැතුව නාන කාමරයට ගියොත් රෑ පුරා සීතලේ වෙවුලමින් ගෙමිදුලට වී සිටීමට සිදුවුණා. නොටෙක්ස් දූවරුන්ට එය පුදුමයක් නොවුණේ ඔවුන්ද නිරනත්රයෙන් මවගෙන් එවන් දඬුවම් ලබන බැවිනි.
ඡායාරූප සිද්ධියෙන් පසු ෂෙලීගේ අණින් ඩේවිඩ් තමන්ගේම බෑනා ෂේන්ගේ හිසට වෙඩි තැබුවා. ඒ 1995 වසරේදීයි. ඒ වන විට ඍහු 19 හැවිරිදි වියේ පසුවූ යෞවනයෙක්.
අනතුරුව ඩෙිවිඩ් ඔහුගේ සිරුර පුළුස්සා මුහුදට දමනු ලැබුවා. ෂෙලී දියණියන්ට පැවසුවේ ෂේන් ධීවරයෙකු ලෙස රැකියාවේ යෙදීමට ඇලස්කාවට ගිය බවයි. ඔහු ගැන සොයා බලන ලෙස දියණියක් ඇවිටිලි කරන විට ඩේවිඩ් ඇලක්සාවට ගොස් පැමිණීයේ ඔහු ගැන කිසි තොරතුරක් නැති බව පවසමිනුයි.
දියණියන් ඩේවිඩ්ගේ වදන් ඉර හඳ මෙන් විශ්වාස කළා. රොන් වුඩ්ස්වර්න් සම රිසි පුද්ගලයෙකු වුණා. වයස පනස් ගණනක් වූ ඔහුට ෂෙලීගෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. ඔහුට ඇය නිතරම නිකමකු බව පවසමින් අපහාස කළා. පහර දුන්නා. ආහාර පාන, ඇඳුම් පැළඳුම් දීම අත්හිටුවනු ලැබුවා. ඔහු පවුලේ අයගෙන් දුරස් කළේ මුසා බස් පවසමිනුයි. ඔහු වොෂිංටන් නුවර පදිංචියට ගිය බව ඇය ඔවුන්ට පැවසුවා.
එපමණක් නොව ඇය පෙති දී ඔහු මත් කළා. 2003 අගොස්තුවේදී රොන් අතුරුදහන් වුණා. ඒ වන විට ඔහු පනස් හත් හැවිරිදි වියේ පසුවුණා. ඒ වන විට නිකී හා සැමී යන දියණිවරු මහ ගෙදරින් පිටවී විවාහ වී සිටියා.
නිවසේ සිටියේ 14 හැවිරිදි බාල දියණිය ටෝරි පමණයි. නිකිත් සැමිත් රෝන්ගේ මරණයට මව සැක සහිත බව දැන සිටියා. සැක කටයුතු යමක් ඇත්දැයි සොයා බලන මෙන් ඔවුන් ටෝරිට පැවසුවා. ටෝරිට මිදුලේ තිබී රුධිරය තැවරුණු බැන්ඩේජ් පටි කිහියක් හමු වූවා.
අවසන සොයුරියන් දෙදෙනා නිර්භයව පොලිසියට සියල්ල හෙළිදරව් කළා. නීතිය වහා ක්‍රියාත්මක වූවා. නොටෙක් ගෙවත්තේ තිබී රොන්ගේ මළසිරුර සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
ටෝරිගේ භාරකාරත්වය වැඩිමල් සොයුරිය සැමීට පැවරුණා. කැතිගේ මිනිය නොතිබුණත් ඩේවිඩ් සියල්ල පොපොච්චාරණය කළා. සිදුවූ සියල්ල පැවසුවා. ඩේවිඩ්ට පහ‍ළොස් වසක සිර දඬුවම් නියම වුණා. එහෙත් දහතුන් වසරකට පසු ඔහුට නිදහස ලැබුණා. ෂෙලී තවමත් කළ වරදට වන්දි ගෙවමින් සිටිනවා. එහෙත් ඇගේ නිදහස ද වැඩි ඈතක නැහැ. 2022 දී දහ නව වසරකට පසු ඇය නිදහස ලබනවා. දියණිවරුන් මේ ගැන පසුවන්නේ මහත් බියකිනුයි.
හිට්ලර් වැනි හදවතක් ඇති ගැහැනියක වන ෂෙලී ඔවුන්ට පමණක් නොව සමස්ථ සමාජයටම භයානක යක්ෂණියකි.
කොපමණ කලක් සිරගතව සිටියද ඇයගේ ගති වෙනස් නොවන බව ඇය ගැන හොඳින්ම දන්නා දියණිවරුන් පවසනවා.
චම්පිකා දීපානි රණසිංහ
source: Hiru Gossip