Saturday, June 6

Husband And His Friends arrested

Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News,

යාළුවන් හතර දෙනෙක් එක්ක එකතුවෙලා සැමියා බිරිදට අමානුෂික ලෙස පහරදී සමූහ ලිංගික අපයෝජනයට ලක් කරපු හැටි
බලෙන්ම බොන්නත් දීලා...
ඇඟ පුරා තුවාල, තාමත් සිහිය ඇවිත් නැහැ..

සිය බිරිඳ හට බලෙන් මත්පැන් පොවා, සමූහ ලිංගක අපයෝජනයට ලක් කිරීමට අනුබල දුන් සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔහුගෙන් ලද තොරතුරක් අනුව ඊට සම්බන්ධ වූ ඔහුගේ තවත් මිත්‍රයින් සිව් දෙනෙකු ද තම අත්අඩංගුවට ගත් බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

එම කාන්තාව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව ද සඳහන්.

කේරළායේ පදිංචිව සිටි මෙම අඹුසැමි යුවළ සහ දරුවන් සමග පසුගියදා මුහුදු වෙරළට ගොස් ඉන් අනතුරුව ඒ අසළ තිබු සැමියාගේ මිතුරෙකුගේ නිවෙස වෙත ගොස් තිබෙනවා.

එහිදී එම කාන්තාවට බලහත්කාරයෙන් මත්පැන පානය කිරීමට සලස්වා අනතුරුව සමූහ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

ඔවුන්ගේ ග්‍රහණයෙන් බේරුණු ඇය සිය දරුවන් ද රැගෙන එම නිවසින් පිටතට පැමිණ ඇය එහි සිටි තවත් තරුණයින්ගේ උදව් ඇතිව යළි නිවෙස වෙත පැමිණ තිබුණා.

අනතුරුව ඔවුන් විසින්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව රෝහල් ගත කිරීමට ද කටයුතු කර තිබු බව ද සදහන්.

රෝහලේ වෛද්‍යවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඇයට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඇති බවයි.

මේ වනවිට ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුව බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ඇයගේ මතකයේ නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම කාන්තව පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පොලිසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
source:HiruGossip