Friday, June 5

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

Wuhan Doctor, 42, Whose Skin Turned Dark Due To Coronavirus

කොරෝනා වෛරසය නිසා සිදුවූ අද්භූත මරණයක් ලෝකයම කළඹයි
සම කළු වී අවසන් ගමන් ගිය චීන වෛද්‍යවරයා ගැන රහස් වට්ටෝරුවක්ම එළියට

"මට නරක හීන පේන්න ගත්තා, ඇත්තටම මට මං ගැන බයක් දැණුනා.."
"මෙය කොරෝනා ගැන කියන නරක අනතුරු ඇඟවීමක්ද ?"



කොරෝනා මේ වන විට ලෝකයම වසාගෙන සිටින බව ඔබ දන්නවා. ලංකාව ඇතුළු රටවල් ගණනාවක සිය ආධිපත්‍යය පතුරුවන මේ "මාරාන්තිකයා" සුව පහසු මරණයක් නම් ගෙන එන්නේ නෑ...

ඒකට හොඳම උදාහරණය මේ ඡායාරූප දිහා බැලුවම ඔබට වැටහේවී..

මේ වෛද්‍යවරයාගේ නම "හූ වයිෆෙන්ග්". මිය යද්දි ඔහුට අවුරුදු 42 යි...

වුහාන් රෝහලක දී අන්තිම ගමන යන්නත් කලින් ඔහු මාස ගණනක් තිස්සේ (මාස තුනක පමණ කාලයක්) ප්‍රතිකාර ලබනවා. (ප්‍රතිකාර ලැබුවා කියනවාටත් වඩා දුක් වින්ඳා කිව්වොත් හරි..)

කොහොම වුණත්.. ප්‍රතිකාර අතරතුරදී ඔහුගේ මුහුණ බෙහෙවින් වෙනස් වූ අතර එය ඔහුගේ වර්ණයට හාත්පසින්ම වෙනස් වූ කළු වර්ණයක් වුණා.

මෙය තරමක් අසාමාන්‍ය සිදුවීමක් නිසාවෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. වෛද්‍යවරුන් ගැටළුවලට මැදිවුණා.

ප්‍රතිකාර-වලින් අනතුරුව තරමක් සුවය ලැබුවත් ඔහු හිඳ ඇත්තේ යම් කිසි පීඩනයකින් බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.

"මට නරක හීන පේන්න ගත්තා, ඇත්තටම මට මං ගැන බයක් දැණුනා.." යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙසේ මිය ගිය වෛද්‍යවරයාට "කළු පැහැයක්" එක් වීම පිළිබඳ විශේෂඥයින් විවිධ හේතූන් සඳහන් කරනවා.

එය ප්‍රතිකාර අතරේ භාවිතා කළ යම් ප්‍රතිජීවක ඖෂධයක් නිසා සිදුවූවක් බවයි වෛද්‍යවරුන් සැක පහළ කරන්නේ.

වෛරසය ගැන ප්‍රථම අනතුරු සංඥාව දුන් වෛද්‍ය ලී ගේ සහයකු ලෙසයි මෙම මිය ගිය වෛද්‍යවරයා හඳුනා ගැනෙන්නේ.

ඔවුන් දෙදෙනාම සේවය කර ඇත්තේ වුහාන් මධ්‍යම රෝහලේ යි.

රෝහලේ වෛද්‍ය සේවකයින් පස් දෙනෙකුවත් මෙම වෛරසයට ගොදුරු වී ඇති බවට වාර්තා වන අතර මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ඔවුන් පවසා නැහැ.

කෙසේ වෙතත්, මාධ්‍ය මඟින් නිකුත් කළ වෛද්‍යවරයාගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Dailymail ඇසුරිනි..
source:Hiru Gossip