Wednesday, June 10

Twins Story


උසස් පෙළ නිසා රටේම අවධානය හිමිවූ 
නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු 
අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගිය හැටි

පසුගිය වසරේ උසස්පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ 04 වැනියා සහ 05 වැනියා ලෙසින් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් නිවුන් සොහොයුරන් දෙදෙනෙකු පිළිබඳව රටේම අවධානය යොමුවූවා.


ඔවුන් දෙදෙනා රුසිරු දේශාන් මනතුංග සහ ඉසුරු හේෂාන් මනතුංග නම් මෙම සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු අද සදහටම අවසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගිය පුවත පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් හුවමාරු වෙමින් පවතිනවා.

ඉන් ඉසුරු හේෂාන් මනතුංග මෙලෙස අසනීම තත්ත්වයක් හේතුවෙන් පසුගියදිනක කෑගල්ල මහරෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව අද දහවල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

source:Hiru Gossip