Saturday, June 6

Daughter In Law Killed Her Mother In Law Near Pudhukottai


සිය නැන්දම්මාගේ සිරුරට පෙට්‍රල් වත් කර ගිනි තබා,
අන්තිම ගමනට යැවූ ලේලියක් කළ පාපකර්මය
කෝපිවල නිදිපෙති දාලා දීලා...
ගිනි තියලා, ගෙදර දොරත් අඟුළු දාලා...

සිය නැන්දාගේ සිරුරට පෙට්‍රල් වත් කර ඝාතනය කළ ලේලියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ පුදුකෝට්ටෛ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.

රමේෂ් සහ ප්‍රතීබා යන මෙම දෙපළ මීට වසර දෙකකට විවාහ වී ඇති අතර ඔවුන්ට මේ වනවිට එක් ගැහැනු දරුවෙකු ද සිටිනවා.

කෙසේ වෙතත්, ප්‍රතීබාගේ නැන්දම්මා විසින් නිතර නිතර දෑවැදි ඉල්ලා දැඩි ලෙස වධහිංසා පමුණුවා ඇති බව ද සඳහන්.

පෙර ලබාදීමට පොරොන්දු වූ දෑවැදි ලබාදී ඇති අතර විටින් විට සිය පියාගෙන මුදල් ඉල්ලා දෙන ලෙසයි නැන්දම්මා පවසා ඇත්තේ.

මෙලෙස මුදල් ලබා දෙනතුරු තම පුතු සමඟ අඹුසැමි සබඳතා පැවැත්වීමටත් ඇය අවසර ලබාදී නැහැ.

ඒ වෙනුවෙන් ඇය විවිධ උපක්‍රමය ද යොදා තිබු බව වාර්තා වනවා.

නැන්දාගේ කරදර ඉවසා ගැනීමට නොහැකි වූ ප්‍රතීබා තම නැන්දා නිදාගැනීමට පෙර කෝපිවලට නිදි බෙහෙත් මිශ්‍ර කර ලබාදී ඇති බවත් අනතුරුව සිරුරට පෙට්ට්‍රල් වත් කර ගිනි තබා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය කරගැනීමටයි පොලිසිය සමත්ව ඇත්තේ.

ගිනි තැබීමෙන් අනතුරුව ඇය විසින් නිවස පිටතින් අඟුළු දමා ඇති බව ද සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසින් එක්ව ඇයගේ සිරුරේ ඇවිලෙමින් තිබු ගින්න නිවා දමා රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත් වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකාර ලේලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
source:HiruGossip