Friday, June 5

covid 19 situation sri lanka


කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි

රට තුළ සීමාවන් ලිහිල් කර තිබෙන තත්වයක් යටතේ පොදු මගී ප‍්‍රවාහන සේවාවන් වලට හඳුන්වා දී ඇති සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙවැනි සෞඛ්‍ය නීති නිසිලෙස ක්‍රියාත්මක නොවුනහොත් කොරෝනා වෛරසය නැවතත් සමාජය පුරා පැතිරීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පොදු මගී ප්‍රවාහන බස් රථ වල සෞඛ්‍ය නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට විවිධ පාර්ශව වලින් එල්ලවන පැමිණිලි හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

බස් රථ වල රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීතිය නොතකා හිතුමතේ කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ වලට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව එම නීති උල්ලංඝනය කරන රියැදුරන් සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

source:lankacnews