Monday, June 8

Kekirawa Little Girl Death Story


"අනේ පොඩි බබා නයා කෑවා "
සියලු දෙනාම එක හුස්මට බබා බේරගන්න වැඩ. ඒ අතරෙ නයත් ගෙනාවා..

කිරිමැටියාව කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 3 1/2ක දරුවෙකු සර්පයෙකු දෂ්ඨ කිරීමේන් පසු මියගොස් තිබෙනවා.


මෙලෙස මියගොස් ඇත්තේ යුවනි යසස්මි නමැති කුඩා දියණියක්.

අදාළ සිදුවීම ගැන කැකිරාව රෝහලේ වෛද්‍යවරයෙන් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.
අදාළ සටහන පහතින්...

කිරිමැටියාව කියන්නෙ කැකිරාවට නුදුරු කුඩා ගම් පියසක්. අද දවල් 11.50 ට විතර කෑකෝගහගෙන අඬාගෙන පිරිසක් දුවන් ආවා කැකිරාව ඉස්පිරිතාලෙට " අනේ පොඩි බබා නයා කෑවා " කියාගෙන. සද්දෙට මාත් දිව්වා කතා කරන්නත් කලින් අපේ ETU එකට. යද්දි අවුරුදු 3 1/2 බබා ,කෙළි පැටික්කි ඇස් උඩ ගිහින් හුස්ම අල්ලනවා. නළාව තියල බැලුවම ගොර ගොර සද්දෙ පපුවෙ. අම්මලා ලොකු අම්මලා අඬනවා. එක ළතෝනියයි.

ඉක්මනින් අනිත් දොස්තරලටත් පණිවුඩේ දීගෙන සියලු දෙනාම එක හුස්මට බබා බේරගන්න වැඩ. ඒ අතරෙ නයත් ගෙනාවා. බබා ටික ටික bad වෙනවා. දඹුල්ලට අපි එන බව පණිවුඩේ දීගෙන, නයා කෑවම දෙන ප්‍රතිවිෂත් දීගෙනම ඔක්සිජන් හුස්ම පිඹ පිඹ දඹුල්ල මූලික රෝහලට ක්ෂණිකව පියෑඹුවා. රියැදුරු ජගත්ගේ දක්ෂකමින් නලා ගහගෙන ඊස් මීස් නැතුව. යද්දිම හාට් එක ටික ටික දුර්වල වෙන අතරෙ අපි එන්නත් දෙමින් අනේ පැටියෝ බේරියන් යයි හදවතින් කියනවා. ඇම්බියුලන්ස් එකේ පසු පස මමත් හෙද ⁣නිලධාරිනියන් දෙදෙනෙකුත් පොඩි එකා වෙනුවෙන් සටන් කරනවා. බලාපොරොත්තු අත හරින්නද ? අනේ අම්මත් අඬනවා "පැටියෝ ඇස් අරින්නකෝ නැගිටින්නකෝ " කිය කියා.

දඹුල්ලට ගිහින් ආයෙත් 6 වාට්ටුවට බබා අරන් දිව්ව ඔක්සිජන් එක්ක. ළමා විශේෂඥ වෛද්‍යතුමත් ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ වෛද්‍යවරු සියලු දෙනාමත් පැය එකහමාරක් විතර මහන්සි වුණා.

යන්ත්‍රසූත්‍ර හා අපි ඔක්කොම පරාද වෙද්දි අම්මා මට කියනවා "අනේ පැය 1/2 ක්වත් ගියේ නෑනේ ඩොක්ට ගමේ වෙදමහත්තයත් බෑ කිව්වනේ " කියලා.

මගෙ හිතට එන සියුම් කේන්තිය මැඬගෙන මම අම්මව අස්වැසුවා.

"අනේ වෙද මහත්තුරුත් ඇවිත් එයාලගෙ අසනීප වලට ඉංග්‍රීසි බේත් කර ගන්න කාලේ නයි විෂට එයාලා මොනවා කරන්නද අම්මේ " මං හිතින් මුමුණමින් ආපහු එන්න ඇම්බියුලන්ස් එකට ගොඩවුණා.

පණිවුඩය;

21 වෙනි ශතවර්ෂයෙත් අපිට සර්ප විෂ නිසා ජීවිත අහිමි වීම ශෝචනීයයි. ඒ නිසා එහේ මෙහේ කරක් ගහල කාලෙ නාස්ති නොකර වහාම සබන් යොදා සතා කාපු තැන පිරිසිදු කරගෙන හැකි ඉක්මනින් ළඟම රෝහලට එන්න.

මේ බබා වැසිකිළි යන්නෙ කැලේටලු. ගෙවල් අද්දර තණ කොළ වැවිලා තිබිලා. අම්ම බබාව වැසිකිළියට හරි ප්ලාස්ටික් කොමඩ් එකකට හරි පුරුදු කරල තිබ්බනං කැලේට නැතුව ?
source:Hiru Gossip