Friday, June 5

Ududumbara Case


දෙන්නගේ නිරුවත් වීඩියෝ ෆෝන් එකේ තිබුණා..
අවුරුදු 22ක් වයස කොල්ලෙකුත් එක්ක, 44 හැවිරිදි
බිරිඳ නටපු නාඩගම සැමියාට අතේ මාට්ටු වුනු හැටි
"ස්මාර්ට් ෆෝන් එකෙන් නිරුවත් ඡායාරූප තොගයකුත් තිබුනා.."

48 හැවිරිදි ඔහු විවාහක පුද්ගලයෙක් ඔහුගේ වයස අවුරුදු 14ක දියණියක් සහ 11 හැවිරිදි පිරිමි දරුවෙකු සිටියි. 44 හැවිරිදි බිරිඳ වයසට වඩා රූමත්ය. ඉතා සතුටින් කල් ගතවු මෙම පවුලට කණ කොකා හඩන්නේ අහඹු ලෙසිනි.


ඒ සිය බිරිඳ තුෂ්ණිම්භුත කිරිමටත් සතුටු කිරිමටත් තෑගි දුන් ජංගම ස්මාර්ට් දුරකතනයක් පවුල් ජිවිතයක් අවුල් කොට සැමියෙකු තුෂ්ණිම්භුත කළ සිදුවිමකි.

උඩදුම්බර පොලිස් වසමේ ගම්මානයක පදිංචි ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරනු ලබයි. ඔහු සාමාන්‍යයෙන් මාසයකට දෙවරක් නිවසට පැමිණ දින දෙක තුනක් නිවැසියන් සමග සතුටින් ගත කර පෙරළා කොළඹ බලා පියමන් කිරිම සාමාන්‍ය සිදුවිමකි.

සෑම වසරකම දරුවන්ගේ සහ බිරිඳගේ උපන් දින සැමරිම සාමාන්‍ය සිරිතකි. ඒ දිනය නිවස සතුටින් පිරි ඉතිරියන අතර ඔවුන්ට තෑගි බෝගාදියෙන්ද ඔහු සංග්‍රහ කරනු ලබයි. ඉකුත් දෙසැමිබර් මාසයේ බිරිඳගේ 44 වෙනි උපන් දිනය යෙදි තිබුණි. මෙවර ඇගේ උපන් දිනය දා ඇය තුෂ්ණිම්භුත කර සතුටු කරන්නට සිතු ඔහු වසර අවසානයේ ලැබුණු ප්‍රසාද දිමනාවෙන් රුපියල් 37000/-ක පමණ මුදලක් වැය කර ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදි ගනු ලැබිය. උපන් දින තෑග්ග ලැබුණු ඇය ඔහු සිතු පිරිදිතුෂ්ණිම්භුත වුවා පමණක් නොව විශාල සතුටක්ද ලැබිය.

ගෙවි ගිය මාස කිපයේ ඔහුට නිවසට පැමිණිමට නොහැකි වුයේ කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබු ඇදිරි නිතියත් දිස්ත්‍රික් අතර ගමනා ගමනය තහනම් කිරිමත් නිසාවෙනි.

ඇදිරි නිතිය ලිහිල් විමත් සමගම ලද නිමේෂයෙන් ඔහු නිවසට පැමිණියේ පෙර පරිදි දරුවන් හා බිරිඳ සමග දින කිපයක් සතුටින් ගත කර පෙරලා සේවා ස්ථානය බලා යෑම සදහාය.

නිවසට පැමිණි ඔහුට වෙනදාට වඩා බිරිඳගේ වෙනසක් දකින්නට ලැබුණත් එය ඔහු ගණන් ගත්තේ නැත. දිනක් සවස ඇය වත්ත පහළ පිහිටි ළිදට දිය නෑමට ගොස් සිටි අතරේ මේසය මත තිබු බිරිඳගේ ජංගම දුරකතනය අතට ගෙන එය පරික්ෂාකර බැලිය. දුටු දර්ශණ කිපයක් නිසා ඔහු තුෂ්ණිම්භුත විය. ඇග කිළිපොලා ගියේය. ගත දහදියෙන් තෙත් විය. එම දසුන් තමන් සිහිනෙන්වත් පැතු දර්ශණ නොවිය. එහි අසභ්‍ය දර්ශණ ගණනාවකි. අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සමග ඇය අනග රැගුමක සිටි දර්ශණද එහි ඇතුලත් වි තිබිණි.

දිය නා බිරිඳ නිවසට පැමිණියත් කිසිදු වෙනසක් නෙහගවා ඇගේ ජංගම දුරකතනය සියතට ගෙන ඉනේ සගවාගෙන ගමේ කඩ මංඩිය දෙසට ගියේ මෙහි යම් තොරතුරක් එහිදි දැනගැනිමට ලැබේයැයි තිබු විශ්වාසය නිසාවෙනි. කඩයට යන අතර මගදි හමුවුයේ ඔහුගේ පැරණි තරුණ මිතුරෙකි. මිතුරාගෙන් ඔහුට බිරිඳගේ අනියම් පෙම් පලහිලව්වේ තොරතුරු රාශියක් හෙළිදරව් කරගැනිමට හැකිවිය. එම තොරතුරෙන් කියවුනේ අසල නිවසක පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සමග කලක සිටම මැය තහනම් ප්‍රේමයක පහස ලබමින් සිටින බවත් එය ගමට රහසක් නොවන බවත්ය.

ලද තොරතුරු සමග නිවසට ගිය ඔහු දරුවන් දෙදෙනාද නිවසේ සාලයට කැදවා බිරිදට පැවසුවේ ගෙවි ගිය මාස දෙකේ කරපු නාඩගන් තමන් දන්නා බවත් සාක්ෂි සමග එය තහවුරු වි ඇති බවත් ඒ නිසා ඒ ගැන වචනයක් වත් කතා නොකර තමන් මිනිමරුවෙකු නොකර වහාම තමන්ගේ අඩුම කුඩුම ටිකත් රැගෙන විනාඩි 30ක් ඇතුලත නිවසින් පිටව යන ලෙසයි.

සැමියාගේ හැටි දන්නා නිසාත් ඔහුගේ විලාශයෙන් භියට පත්විම නිසාත් තමන් රගපු රංගනය හෙළිවි ඇති බව දැනි ඇය ද වචනයක්වත් කතා නොකර කාමරයට ගොස් ඇදුම් කිපයක් රැගෙන නිවසින් පිටව ගියේ හැඩු කලූළින් ඒ වෙනවිටත් සිද්ධියෙන් කම්පනයට සහ ලැජ්ජාවට පත්ව හඩමින් සිටි දරු දෙදෙනාගේ මුහුණවත් නොබලමිනි.

බිරිඳ තුෂ්ණිම්භුත කරන්නට ගෙනවිත් දුන් ස්මාර්ට් ජංගම දුරකතනය තමන් තුෂ්ණිම්භුත කර ඇති බව ඔහුට තේරුනේ තව දුරටත් ජංගම දුරකතනය පරික්ෂා කිරිමේදිය.

බිරිදගෙන් වෙන් විමට නිතියේ පිහිට පැතිමට ඔහු දැන් සුදනම්ව සිටි.

හසලක සුනිල් ඉහළගෙදර
මව්බිම