Sunday, August 11

Volga Kalpani Talks about Harshana Bethmage's and her divorce case - ඔව්, අපි වෙන් වුණා, මමයි හර්ෂණයි වෙන්වුණා කියලා අපි දෙන්නා ජන්මාන්තර වෛරක්කාරයෝ වුණේ නැහැ.." - වොල්ගා කල්පනී

volga kalpani, harshana bethmage, Gossip lanka sinhala news, Gossip lanka news, Sinhala Gossip News, Hiru Gossip, Hiru News,
"මොකද වුණේ කියන එක කියන්න අපහසුයි, ඒක පුද්ගලිකයි.."
"වෙන් වෙන්න හිතාගෙන කවදාවත් අපි ආශ්‍රය කරලත් නැහැ.."

අපේ ජීවිතයට සමහරු එනවා. ඇවිත් යනවා. මේ වෙලාවේ මගේ තාත්තා කියලා දීපු දෙයක් මතක් වෙනවා. ඔහු මට නිතරම ඉවසීම පුරුදු කළා. හැමදාමත් මට සතුට ගෙන
ආවේ ඒ පුරුද්ද. අදටත් මට සතුටක් තියෙන්නේ මෙච්චර දේවල් වෙලත් මට මිනිස්සු සලකන විදියට තමයි...

වොල්ගා . . . කොහොමද ඉතින් ?

ගොඩක් හොඳීන් ඉන්නවා.

ඔබ හර්ෂණගෙන් වෙන් වුණා කියලා පුවතක් අසන්න ලැබුණා?

ඒක ඇත්ත. අපි දෙන්නා වෙන්වෙලා ඉන්නේ.

ඒ තීරණය අරන් කොච්චර කල්ද?

මට හරියටම කාල වකවානු කියන්න බැහැ. දැන් සෑහෙන කලක් වෙනවා අපි දෙන්නා වෙන්වෙලා.

බොහොම සතුටින් යුග දිවිය ඇරැඹූ ඔබ දෙදෙනාට මොකද වුණේ?
මොකද වුණේ කියන එක කියන්න අපහසුයි. මොකද සමහර පෞද්ගලික තීරණ පෞද්ගලිකම ඒවා. මං හිතනවා ඒවා මෙතනදී කියන එක අනවශ්‍යයි කියලා. කොහොම වුණත් මමයි හර්ෂණයි වෙන් වුණා කියලා අපි දෙන්නා ජන්මාන්තර වෛරක්කාරයෝ වුණේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

මේ තත්ත්වය ඔබේ වෘත්තීය ජීවිතයට කොහොමද බලපෑවේ?

මට වෘත්තීය ජිවිතයේ තරහකාරයෝ හිටියේ නැහැ. හැමෝම මාත් එක්ක එකතුයි. නවකයෝ හෝ වේවා ප්‍රවීණයෝ වුණත් දික්කසාද කෙනෙකු දිහා බලන විදියට මාව පිළිගන්තේ නැහැ. ඒක මට විශාල සහනයක් වුණා. හැමෝම මට ආදරෙයි. මං ඒක දන්නවා. කෙනෙකු දික්කසාද වෙනකම් සමහරු ඉන්නවා කතා හදන්න. වාසනාවට මේ වෙනකම් එහෙම ප්‍රශ්න ඇති වෙලා නැහැ. මගෙ නමින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා. ඒකෙ මට විවිධ වූ දේවල් කියනවා. මම දන්නේ නැහැ ඒ පේජ් එක කරන්නේ කවුද කියලා. ඔය ප්‍රශ්නය ඇරෙන්න ක්ෂේත්‍රය තුළ තිබුණා වගේම පිළිගැනීම මට තියෙනවා.

ඔබ ඔය නොකියා කියන්නේ වැරැද්ද ඔබේ අතේ නෙවෙයි කියලාද?

මේ දික්කසාදයේදී මම ද ඔහු ද වැරදි කියලා මම කියන්නේ නැහැ. අවුරුදු ගාණක් අප ඇසුරු කළා. ලස්සනට විවාහ වුණා. ලස්සනටම දික්කසාද වුණා.

හර්ෂණ සමඟ විවාහ වීමට ගත්තු තීරණය ගැන ඔබ පසුතැවෙනවාද?

කිසිසේක්ම නැහැ. ජීවිතේ මේතාක්කල් මං එකම වැරදි තීරණයක්වත් අරගෙන නැහැ. එදා වුණත් මං ගත්තේ හරි තීරණයක්. වෙන් වෙන්න හිතාගෙන කවදාවත් අපි ආශ්‍රය කරලත් නැහැ. මං දැඩිව ජේසුතුමන්ව, බුදුන් වහන්සේව, දෙවියන්ව අදහන කෙනෙක්. මේක තමයි කර්මය. දෙයක් වෙන්න තියෙනවා නම් වළක්වන්න බැහැනේ.

නැවත විවාහයක් ගැන හිතන්න අදහසක් නැතිද?

තවම ඒ ගැන හිතුවෙ නැහැ. අපේ ජීවිතයට සමහරු එනවා. ඇවිත් යනවා. මේ වෙලාවේ මගේ තාත්තා කියලා දීපු දෙයක් මතක් වෙනවා. ඔහු මට නිතරම ඉවසීම පුරුදු කළා. හැමදාමත් මට සතුට ගෙන ආවේ ඒ පුරුද්ද. අදටත් මට සතුටක් තියෙන්නේ මෙච්චර දේවල් වෙලත් මට මිනිස්සු සලකන විදියට තමයි.

ගැහැනු ළමයෙකුට විදියට මේ වෙන් වීම සිතට දැනුණේ කොහොමද? සාමාන්‍යයෙන් ගැහැනු ළමයින් හරිම සංවේදීයි.

ඔව්. ඇත්තටම එහෙමයි. අපේ දික්කසාදය මට හිතට දැනුණේ. ඒත් අපි හිතන්න ඕනි මේවා පින් පව් අනුව සිදුවන දේවල්. දුකක් වුණත් දරා ගන්න පුළුවන් ඒවා ගැන හිතද්දී. හර්ෂණත් වෘත්තීමය නළුවෙක්. මමත් එහෙමයි. නිළිකමනේ වෘත්තිය. නමුත් අපි දෙන්නාට නැති ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා. සමහරු අපිව විවේචනය කරනවා. ඇතැම් විට ඔවුන් ආස ඇති අපිව එකට දකින්න. අපි මැරෙන මිනිස්සුනේ. රංගන ශිල්පිනියක් විදියට මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රටේ මිනිස්සු හිතන්න ඕනි නිළිකම කියන්නේ වැදගත් වෘත්තියක් කියන එක. අද ඊයේ ආව මොඩ්ලර්ස්ලා හින්දා ඒ ගරුත්වය අඩුවෙලා තියෙන්නේ. මම විතරක් නෙවෙයි ඩොක්ටර්ස්ලත් ඩිවෝස් වෙනවා. ලෝයර්ලත් ඩිවෝස් වෙනවා.

ප්‍රසාද් සමරතුංග

සරසවිය