Friday, August 9

Rathnapura Spa incident | වැඩේ අතටම මාට්ටුවුණු හැටි මෙන්න


Rathnapura Spa incident, Rathnapura, spa, Sinhala Gossip News, Gossip lanka sinhala news, Gossip lanka news, Hiru Gossip,
පාසල් දරුවන් බිල්ලට ගන්නා රත්නපුර 
සම්බාහන මධ්‍යස්ථාන තුනකට කරපු දේ මෙන්න
වැඩේ අතටම මාට්ටුවුණු හැටි මෙන්න

රත්නපුර නගරය අවට දේශීය වෛද්‍යවරයෙකුද නොමැතිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 3 ක් වටලා එහි සිටි කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි
පුද්ගලයින් දෙදෙනකු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් දරුවන් මෙම සම්භාහන මධ්‍යස්ථාන කරා යන බවත් එහිදී ඉතා රහසිගත විවිධ ලිංගික අපචාර සිදුවන බවට රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂක රොහාන් ඕලූගල මහතාට ලැබුණු ඔත්තුවක් මත බුද්ධි අංශයේ නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ. අත්අඩංගුවට ගත් කාන්තාවෝ 8 දෙනා දිස්ත්‍රික්කයෙන් බැහැර දුර පළාත්වල පදිංචි විවාහක දරුවන් ඇති කාන්තාවෝ බව පොලිසිය කියයි.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුගත් මාසිංහ, රත්නපුර 1 කොට්ඨාස භාර පොලිස් අධිකාරි නන්දන යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් ඕලූගල මහතාගේ මෙහෙය වීම මත රත්නපුර පොලිසියේ සංචාරක ඒකකයේ ස්ථානාධිපති පො. ප. එම්. එල්. ඞී. රංජන් මහතා විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැඩේ අතටම මාට්ටුවුණු හැටි වීඩියෝව පහලින් බලන්න
advertisement