Thursday, August 22

Ampara Stf parachute accident - පුහුණුවීමේ නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් SF සෙබළා ගැන මිතුරෙකු කියූ කතාව

Ampara Stf parachute accident,Accident, parachute accident, stf, Ampara, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, lanka hot news,
අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී මෙම අනතුර සිදුවෙලා...

ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිතවෙලා...

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, අඩි දස දහසක් ඉහළ ඉහසේ සිට පොළවට පතිතවීමේදී සිය පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේදී
අද පෙරවරුවේ සිදුකෙරුණු පැරෂුට් සංදර්ශණ පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ කුඩාඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ බලලත් නිලධාරී එච්.එච්.ඒ. චම්පික කුමාරසිරි නැමති නිලධාරියායි.

අද පෙරවරුවේ පැවති පුහුණුවීම් අතරතුර අඩි 10,000 ක් උඩු ගුවනේ සිට පොළවට පතිතවන අවස්ථාවේ ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ.

ඒ අනුව ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කැළෑ රොදකට පතිත වූ නිලධාරියා අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

යුද හමුදාවේ තුන්වැනි විශේෂ බලකායේ බලලත් පුහුණු නිලධාරියෙකු ලෙස සහ කුඩා ඔය කමාන්ඩෝ හමුදා පුහුණු පාසලේ බලලත් නිලධාරියෙකු ලෙසද සේවය කර ඇති මෙම නිලධාරියාගේ යුද හමුදා සේවා කාලය වසර 22 ක් .

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරූ කුමාරසිංහ ස්කයි ඩයිවින් සහ අන්තර්මාධ්‍ය පැරෂුට් පුහුණු පාඨමාලා හදාරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්.

ස්ථානීය පැරෂුට් පිමි පුහුණුව ලැබූ අතලොස්සක් වූ පැරෂුට් පිමිකරුවන් අතුරින් කෙනෙකුවන කුමාරසිංහ එම පුහුණුව ලබා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ස්කයි ඩයිව් ඩුබායි ආයතනය හරහායි.

ජීවිතක්ෂයට පත් වූ චම්පික කුමාරසිංහ හතළිස් දෙහැවිරිදි එක්දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ තම දෙවන දරුවාද බිහිකිරීමට අපේක්ෂාවෙන් සිටින ගැබිණියක්.

ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ එකම සහෝදරියද යුද හමුදාවේ සාමාජිකයන්වන අතර එක් සහෝදරයෙක් මානුෂික මෙහෙයුම අතරතුර වෙඩි වැදීමෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටිනවා.

විශේෂ බලකායේ චම්පික කුමාරසිරි පසුගිය පෙබරවාරි 4 වැනිදා ජාතික නිදහස් දින සැමරුමේදී බේස් ජම්ප් ඉසව්වෙන් අඩි 600 ක් උස ෂැංග්‍රිලා හෝටලයේ සිට පැරෂුට් සංදර්ශනයට එක්වුණේ මේ අයුරින්.