Tuesday, August 13

Lagna Palapala | වසර 160කට පසු සිදුවන අතිදුර්ලභ නිකිණි මහේ රාජකීය ග‍්‍රහ පෙරළිය | ඔබේ ලග්නයට කෝමද කියලා බලන්න

Lagna Palapala, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip,
වසර 160කට පසු සිදුවන අතිදුර්ලභ
නිකිණි මහේ රාජකීය ග‍්‍රහ පෙරළිය
ඔබේ ලග්නයට කෝමද කියලා බලන්න

1859 අගොස්තු මස 02 වැනිදා කුජ සිංහ රාශි ගතවීමත් සමඟ සිදුවූ අතිශය දුර්ලඟ ග‍්‍රහ පිහිටීමත් විශ්ව කේන්ද්‍රයේ සනිටුහන් වීමෙන් පසු වර්ෂ 2019 අගොස්තු මස 27 වන දින බුධ සිංහ රාශිගතවීමත් සමඟ මෙම ග‍්‍රහ සංයුතිය මිහිපිට ජීවත්ව සිටින අපට ඉතා
දුර්ලභ අවස්ථා කිහිපයකටම මුහුණ දීමට සිදුවේ. ඉහත කේන්ද්‍ර සටහන ලෙස හොඳින් බලන්න. මේ කේන්ද්‍ර සටහනේ පළමු භාවයේ ග‍්‍රහයින් 04 දෙනකු තැන්පත්ව සිටී.
ඊට අමතර වශයෙන් 04 වැන්නේ ගුරු 05 වැන්නේ ශනි ලෙසය මේ යෝගය ගනිනු ලබන්නේ. එනම් කේන්ද්‍ර සටහනක රාහු කේතු හැර සියලූම ග‍්‍රහයින් රාශී 03 ක පිහිටීමයි. මෙය ශූල යෝගයයි. මේ ආකාරයේ විරල කේන්ද්‍ර හිමියන් මහත් ධෛර්ය සම්පන්න වෙත් යහපත් ආර්ථික මට්ටමක් නොලැබේ. ශරීරයේ කැපුම් සීරීම් සහිත කැළල් ඇති කරයි. තම අදිටනින් කරන කාර්යයන් කරගත නොහැකි වුවහොත් අන් අය විසින් භාවිත කරයි. කළහයට බරවේ. පළිගැනීමේ සිත් ඇතිකරයි.

එබැවින් මේ සියලූ අවස්ථාවන් තුළ යහපත් තත්ත්වය අත්විදීමටත් අයහපත සූක්ෂමව මඟහැරීමටත් එක් ජාතියක් විදිහටත් එම ජාතිය තුළ වූ කේවල මනුෂ්‍යයකු ලෙසත් පෙලගැසිය යුතුයි. විශේෂයෙන්ම මෙම අගෝස්තුවේ අගභාගය වන විට ඉතා දුර්ලභ ගනයේ මනුෂ්‍ය උත්පත්ති කිහිපයක් සිදුවේ. එහි යහපත් ආකාරයෙනුත් අයහපත් ආකාරයෙනුත් සිදුවනු ඇත. ඒ කෙසේ වුවත් ශ‍්‍රී ලංකා දීපයේ අනාගත පාලකයා මේ කාලසීමාව දී බිහිවනු නියතයි. මන්ද ඒ තරම් සුවිශේෂි ගෝචරයක් සිදුවේ. අගෝස්තු මාසය තුළ ශ‍්‍රී ලංකා ධරණී තලයට ඉතා විශේෂයි. මේ හේතුවෙන් දේශපාලන ධාරව නැවත අධිරාජ්‍යවාදයට යට නොවී ශ‍්‍රී සම්බුද්ධ සාසනයෙත් ශ‍්‍රී ලංකා ජාතියත් ආරක්ෂාවන අයුරින් අන්තර්ජාතික ගිවිසුම් ආදියට එළැඹිය යුතුයි අගොස්තු මස 27 සිට සැප්තැම්බර් මස 02 දක්වා දින කිහිපය ශ‍්‍රී ලංකික ජනතාව ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. රටතුළ ඉතා කලබලකාරී ස්වභාවයක් ඇතිවීම නවතා ලීමත්, මිථ්‍යාව සමාජගතවීම නවතා දැමීම සඳහාත් මහා සංඝරත්නය සිය වගකීමේ කාර්යභාර්ය ඉතා ඉවසිලිමත්ම සිදුකළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙමින් ශ‍්‍රී ලංකීය ජාතිය වෙනුවෙන් සෙත් පිරිත් සඤ්ඣායනා කිරීම මෙම වස් පින්කම් ආදිය නිවරැදිව සිදුකර සීලයේ ආනිසංස ශ‍්‍රී සම්බුද්ධ සාසනයත් ශ‍්‍රී ලාංකීය ජාතියත් ස්භාවික විපත් උවදුරු රෝගාබාධ අනතුරු ආදියෙන් හා සතුරු ආක‍්‍රමණයන් ගෙන් ආරක්ෂා කිරීම සඳහා කුසල කර්මයන්හිම ජනතාව නිරත කිරීම සඳහා නායකත්වය ගතයුතු වේ.

සිංහ ලග්නයට ප‍්‍රධානම බලපෑම් ඇතිකරයි. එනමුත් කේවල ජන්ම පත‍්‍ර පරීක්ෂා කරගෙන ආදීනව හඳුනාගන්න. රවි සිංහයේ උපෙන්ද්‍ර යෝගයත් උභයචාරී යෝගයත් බුධ අදිත්‍ය යෝගයත් ධර්ම කර්මාධිපති යෝගයත් අතිශය දුර්ලභ ශූල යෝගයත් පිහිටයි. එබැවින් මෙම කාල සීමාවන් තුළ ඉතා ප‍්‍රභල උපත්තීන් ගණනාවක් ඇතිවේ. විශේෂයන්ම දිවා මානයේ එනම් සිංහ හා වෘශ්චික ලග්නයේ ඉතා බලවත් උපත්තීන් සිදුවීමට නියමිතයි. මේ හේතුවෙන් මෙම මස තුළ බලවත් දරු ප‍්‍රතිසංධින් හා උප්පතීන් සිදුවන බැවින් මෙම ප‍්‍රතිසංධි විඤ්ඤාණයන් මිථ්‍යදෘෂ්ඨියෙන් තොරව සිදු කර ගැනීමට එම දෙමාපියන් බන්ධු හිතවතුන් කුසල කර්මයේ යෙදෙන්න. සාරිපුත්ත කොන්ඩඤ්ඤ මහා රහතන් මහා රහතන් වහන්සේ ප‍්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය සිහිකර දානමය කටයුත සිදුකර කුසලානිසංස වඩවා ගන්න.

සිංහ රාශියෙන් වඩා බලසම්පන්න දරුවන් උපත් ලබයි. ඔවුන් ලෞකික ගිහිජීවිතය උපාදානය කරගෙන උපත ලබන අතර ඉන් කිහිපදෙනකු ලෝකෝත්තර නිර්වාන සම්පත්තිය වෙනුවෙන් කටයුතු කරයි. මෙම කාලසීමාව තුළ උපත ලබන දරුවන් ඉතා කාර්යශූර වන අතර මොවුන් ඉතා කලබලකාරී ගතිපැවතුම් ඇති අයයි. ඔවුන් නිතර ගැටීම් ඇති කර ගනියි. එසේම පාලනයේ දක්ෂයන් වේ. මේ හේතුවෙන් මෙම දරුවන්ගේ තරුණ කාලය දැඩි නොසන්සුන් වේ. කළහය ප‍්‍රියකරයි. අනාගත අපේක්ෂා අන් අය පෙළීමෙන් කටයුතු සිදුකර ගැනීමයි. මොවුන් මහත් ධෛර්ය සම්පන්න වූවන් වන අතර ලෞකික ජීවිත ගෙවන අය දැඩි ආශාවන් හේතුවෙන් අන්අයගේ සිතුම් පැතුම් ගැන එතරම් තැකීම් නොකරන්නන් වේ. මෙකී තත්ත්වය වඩාත් මෙම ජන්මය ලබන අවස්ථාවේදී සදුවෙත ලැබෙන දෘෂ්ඨිය මත තීරණය කරයි. මන්ද සිංහ රාශියේ ශූල යෝගයේ අහිතකර බලපෑම් නැති කිරීමට යහපත් පිහිටීම් ද සහිත වේ. එනම් 09 හා 10 අධිපති සමග යෝගව ඇති කර ඇති ධර්ම කර්මාධිපති යෝගයයි. මේ අනුව නිවරැදිව සිදුකරන කෙම් පහන් තුළින් ශූල යෝගයේ අයහපත මගහැර එම යෝගයේ ඇති අති ධෛර්ය සම්පන්න ගති ස්භාවය මතු කරගත හැක.

තවත් අයකු බොරුව වංචාව රැවටීමට එරෙහිව අරගල කරයි. කළහය ප‍්‍රිය කරයි. ගැටලූකාරී තත්ත්වයන් විසඳීමට බුද්ධියට ඉඩ නොදේ. ශරීර ශක්තිය උපයෝගි කරයි. යුද්ධයට ප‍්‍රියයි. මේ අනුව ඉදිරිය ගැන ඔබට දැනෙනවා ඇති. මේ හේතුවෙන් සියලූ මව්වරුන් මෛත‍්‍රිය මෙනෙහි කරන්න. කුසතුළට ඇතුළු වූ විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය ශුභ දිශානතියකට හැරවීමට සඳහා කටයුතු කරන්න. එවිට මෙම අයහපත් ක‍්‍රියාකාරීත්ව පහව ගොස් මෙම බල සම්පන්න විරල ගුහයෝගයන් තුළින් අතිශය ධෛර්ය සම්පන්න ධර්මානුකූල පාලනයට කැමති ආර්ථික දියුණුව වෙනුවෙන් වැඩ කළහැකි දරු සම්පතක් ජාතියට දායාද කළ හැක.

මෙම ශූල යෝගය ශ‍්‍රී ලංකා කේන්ද්‍රයට කෙසේ බලපානු ඇත්දැයි විමසා බලමු. ශ‍්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ 07 වැන්නනේ චතූර් ග‍්‍රහ යෝගයකි. රාජ්‍ය කාරක රවි බුද්ධි කාරක බුධ යුදයට අධිපති කුජ හා ග‍්‍රහලොව හැඩකාරිය සිකුරු ගෝචර වේ. එනම් රවි කුජ 07 වැන්නට යහපත් නොවේ. මෙම ග‍්‍රහලොව සෙන්පතීන් සමඟ යෝග වූ බුධ ඔවුන්ගේ ගුණ පෙන්නුම් කරයි. අගෝස්තු මස 24 දින සිකුරු කුජ යුදවැද සිකුරු ජය ගනී. කුජගේ ගුණ යටපත් වේ. නැවත සැප්තැම්බර් මස 03 වන දිනද කුජ බුධ සමඟ යුදවැදී බුධ ජය ගනී. ඒ අනුව ග‍්‍රහලොව සෙන්පති කුජ අවස්ථා දෙකකදී පරාජය ලබයි. කුජ කුම්භයට යහපතක් බලවත් ග‍්‍රහයකි. අවස්ථා දෙකකදී ලද යුද පරාජය රටට හිතකර නොවේ. මෙම කාලසීමාවේ දී කේතුගේ සිකුරුගේ හා රවිගේ නැකැත්වල මෙම ග‍්‍රහයන් ගෝචර වේ. පුවපල් 03 පාදය දෝෂ සහිතයි. මේ අනුව ඉදිරි කාලසීමාව රටට හිතකර නොවේ. රටට තුළ බොරුව වංචාව යහමින් ක‍්‍රියාත්මක වේ. ආරක්ෂක අංශයන්ට දැඩි බලපෑම් සිදුවේ. රජය දුර්වල වේ. විදුලිය බල ශක්තිය අංශ කලා අංශය අධ්‍යාපන අංශයන්ට හා සෞඛ්‍යය, ප‍්‍රවාහන හා සන්නිවේදන අංශයටත් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය යන අංශයට දැඩි ව්‍යාකූල තත්ත්වයන් ඇති කරයි. රට තුළ නොසන්සුන්කාරී ස්භාවයක් පෙන්නුම් කරයි. වෙනත් පාර්ශ්වයන්ගේ සතුරු කරදර බාධක රටට ඇතිවේ. ජ්‍යාත්‍යන්තර බලපෑම් වර්ධනය කරයි. මෙම කාල සීමාවන් තුළ රටට අහිතකර ගිවිසුම් ඇතිවේ. විවිධ පාර්ශ්වයන් ගිවිසුම්ගත වන අතර නිශ්ඵල ගිවිසුම් ගණනාවක් ඇති කරයි. ආර්ථික අංශය හා කෟෂිකාර්මික කටයුතු සම්බන්ධව යහපත් නොවේ. පාලකයන් හට නිවැරැදි තීරණ ගැනීම් සම්බන්ධව ශුභ නොවේ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා හේතුවෙන්ද නොයෙකුත් බෝවෙන රෝගයන් හේතුවෙන්ද ජනතාව පීඩනයට ලක්වේ. මාර්ග අනතුරු බහුල වේ. අහිතකර කාලගුණ විපර්යාස ඇතිවේ. රට තුළ උෂ්ණත්වය ඉහළ යයි. විශේෂයෙන්ම හෘද රෝගී තත්ත්වයන් වර්ධනය වේ. මේ හේතුවෙන් හෘද රෝග තත්ත්වයන්ට ගොදුරුවී ඇති පුද්ගලයන් ඉතාම ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි.

ශ‍්‍රී ලංකා රජය නැවත අධිරාජ්‍යවාදියට නතු නොවන අයුරින් කටයුතු කිරීමට වගබලා ගතයුතුයි. මෙම කාලසීමාව තුළ ජනතාව දැඩි කල්පනාකාරී වියයුතුයි. මන්ද යත් බොරුව සමාජගත වේ. මෙම කාලසීමාවන් තුළ රජය විසින් සර්ව ආගමික අංශයන් දැනුවත් කර යහපත් කල්ක‍්‍රියාවෙන් කටයුතු කිරීමට කටයුතු කළ යුතුයි.

මෙම කාලසීමාව තුළ රටට අවශ්‍ය නායකත්වය තෝරා ගැනීමට අවස්ථාවක් ලැබේ. එනම් මා රාජයෝග තත්ත්වයක් ගැන ඉඟිකලා මතක ඇති. එය මෙසේ සිදුවන්නකි. මෙම කාලසීමාව අගෝස්තු මස 24 වැනිදාට පෙර රවි සිකුරු හා කුජ පුවපල් නැකතේ පළමු පාද 02 හි ගෝචර වන කාලසීමාව තුළ සිදුවේ. සිංහ ලග්නය තුළ රවිගේ කුජ සිකුරු ග‍්‍රහ සංයෝගය ඉතා යහපත් තත්ත්වයකි. මේ කාල සීමාව තුළ ශ‍්‍රී ලංකාව තුළ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකික ජනතාව සුරක්ෂිත කළ හැකි අනාගත නායකයකු පිළිබඳ දොඩමළු වීමට ඔබට අපට අවස්ථාව ලැබෙනු ඇත.

ජ්‍යොතීර්වේදී
කෝෂල මාරසිංහ