Saturday, August 17

Gossip Lanka News - Jaffna bus incident

Gossip Lanka News - Jaffna bus incident,Jaffna, bus, Gossip lanka news, Gossip lanka sinhala news, Gossip King, live at 7, live at 7 news, live at 7 news today,
යාපනය කොළඹ දුවපු උතුරේ දෙමළ
දේශපාලනඥයින්ට අයිති සුපිරි බස් 32කට කරපු දේ

යාපනය කොළඹ අතර රාත්‍රී කාලයට ධාවනය වන අති සුඛෝපභෝගී බස් රථ අතරින්
බලපත්‍ර නොමැති බස් රථ 32 කට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට උතුරු පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ ඉල්ලීමක් මත එම නිලධාරීන් පසුගිය දින කීපයේදී රාත්‍රී කාලයට ධාවනය වන මේම බස් රථ පරීක්ෂාවට ලක් කොට තිබේ.

උතුරු පළාතේ මාර්ග වලදී  සිදුවන අනතුරු පාලනය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා ගෙන යන විශේෂ වැඩපිළිවෙළට අනුව ක්‍රියාත්මක කළ මෙම වැටලීමේදී එම මාර්ගයේ ධාවනය වන  බස්‍ රථ 50ක් පමණ සෝදිසියට ලක් කළ බවත් ඒ අතරින් 60  ක් පමණ නීතිමය රෙගුලාසි වලට අනුකූල නොවන බස් රථ පවතින බව තහවුරු වී තිබේ.

මේ බස් රථ වලින් වැඩි කොටසක් උතුරේ දෙමළ දේශපාලනඥයින්ට අයත් බස් රථ වන අතර මේ වැටලීමෙන් පසුව එම නිලධාරීන්ට තර්ජන එල්ල වෙමින් පවතින බවද වාර්තා වේ.

මේ වැටලීම් වලදී රියදුරු බලපත්‍ර කල් ඉකුත් වූ රියදුරන්ල ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් බලපත්‍ර නිකුත් නොකරන ලද බස්‍ රථ මෙන්ම රියදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා හැඳුනුම්පත් නොමැති බස් රථ ද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් හඳුනාගෙන තිබේ.

උතුරු ප්‍රවාහන අධිකාරියේ සහය ඇතිව උතුරු පළාතේ අඛණ්ඩව මෙම පරීක්ෂණ සිදුකරන බවත්ල බස්රථවලට නිසි බලපත්‍ර තිබේද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්  මහතා ප්‍රකාශ කළේය.

මෙම වැටලීම සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සමගින් උතුරු ආණ්ඩුකාරවරයාගේ කාර්යසාධක බළකාය ද සම්බන්ධ වී ඇති අතර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ එම බස් රථවලින් සියලු දේ සම්පූර්ණ බස් රථ සදහා ඉදිරි කාලයේදී විශේෂ ස්ටිකරයක් නිකුත් කරණ බාව්යිගඑවිට ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව එම ස්ටිකර් සහිත බස් රථ තෝරා ගෙන ගමන් පහසුව සලසා ගැනීම තුලින් වඩා ආරක්ෂිත සේවාවක් ලබා ගත හැකි බවද  උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ