Thursday, August 22

Kotugoda Mother Sad Story - දින 8ක සිට අතුරුදන් 17 හැවිරිදි දියණියගේ ඡායාරූපය පෙන්වමින් ගෙයක් ගෙයක් ගානේ යන මවක් හැඬූ කඳුලින් කියන කතාව

Kotugoda Mother Sad Story, Kotugoda,Sad Story, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,
දින 8ක සිට අතුරුදන් 17 හැවිරිදි දියණියගේ 
ඡායාරූපය පෙන්වමින් ගෙයක් ගෙයක් ගානේ යන 
මවක් හැඬූ කඳුලින් කියන කතාව

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා.... ඇයට හානියක් සිදුව ඇත්දැයි මව කම්පාවෙන් දින 8 ක් තිස්සේ අතුරුදන්ව සිටින තම දියණිය සොයා නිවසක් ගානේ ඇවිදින මවකගේ
සංවේදී කතාවක් අපට ඇසෙන්නේ සීදූව කොටුගොඩ ප්‍රදේශයෙන්. 17 හැවිරිදි වියේ පසුවන මෙම පාසල් සිසුවිය පසුගිය 12 වනදා නිවසින් අතුරුදන්ව ඇති අතර ඇයගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කෙසේ වෙතත් දින ගණනාවක් තිස්සේ වේදනාවෙන් සිටින මව අවසානයේ නිවෙස් වෙත ගොස් දියණියගේ ඡායාරූපය පෙන්වමින් දියණිය පිළිබඳව තොරතුරක් සොයමින් සිටිනවා.

ඇය පවසන්නේ මෙතෙක් දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇයට හානියක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳව තමන් දැඩි ලෙස කම්පාවෙන් සිටින බවයි. ඇය පවසන්නේ තමන් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකර ආකාරය පිළිබඳව සතුටට පත් නොවන බවයි. මිනුවන්ගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ. මේ තමන් මුහුණදී සිටින තත්වය ගැන අතිශය සංවේදී වූ ඇය අප සමඟ පැවසුවේ මෙවැන්නක්.