Monday, August 19

Hiru Gossip Lanka News - එකොළොස් හැවිරිදි දියණියට මව විසින් සිදු කළ අමානුෂික අපරාධය බලන්නකෝ

Hiru Gossip Lanka News, Hiru Gossip, Hiru News, live at 7, live at 7 news, live at 7 news today, Gossip lanka news, Gossip lanka sinhala news, Arrested for abusing,
එකොළොස් හැවිරිදි දියණියට මව විසින්
සිදු කළ අමානුෂික අපරාධය බලන්නකෝ

මව විසින් තම දියණිය අමානුෂික ලෙස
පුළුස්‌සා තුවාල සිදු කිරීමේ පුවතක්‌ කලුවාංචිකුඩා ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 කලුවාංචිකුඩි එරුවිල් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 11 හැවිරිදි සුදාකරන් මේනකා නමැති සිසුවියයි මෙසේ පිළිස්‌සුම් තුවාල සහිතව කලුවාංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ.

එරුවිල් විදුහලේ ඉගෙනුම ලබන මෙම දැරිය පාසල් ගිය අවස්‌ථාවේ ගුරුවරුන් මැයගේ මුහුණේ සහ
දැත්වල පිළිස්‌සුම් තුවාල දැක ඒ පිළිබඳව විමසූ විට තම මව විසින් පුළුස්‌සා තුවාල සිදු කළ බව දැරිය කියා තිබෙනවා.

අනතුරුව ගුරුවරුන් විසින් සිසුවිය කලුවාංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම සිසුවිය දැනට කලුවාංචිකුඩි මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සිද්ධිය පිළිබඳව ළමා ආරක්‌ෂණ අධිකාරියට හා කලුවාංචිකුඩි පොලිසියට පැමිණිලි කර ඇති බව කලුවාංචිකුඩි මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‌ෂ කේ. සුගුණන් මහතා පැවසුවා.

සිද්ධිය පිළිබඳව කලුවාංචිකුඩි පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වනවා.