Saturday, August 17

Sri Lankan Wediing rag gone wrong - Sinhala Gossip News

Wedding Engagement, Wediing rag, Gossip lanka news, Gossip lanka sinhala news, Gossip lanka news,
හලාවත පැත්තේ මනාල යුවලකට රැග් එක දෙන්න
පාර පුරා එක්කගෙන ගිය පිරිසකට වෙච්ච දේ බලන්නකෝ

මනාල යුවලක් පෙරටු කරගනිමින් මාර්ගය අවහිර කර මහජනතාවට පිඩාකාරි අන්දමින් නලා ශබ්ද කරමින් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වාහන පෙළපාලියක
රියදුරන් 30ක්  අත්අඩංගුවට ගෙන දඩ පත්‍රිකා නිකුත් කර තරයේ අවවාද කර මුදාහැරිය බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.

පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවැති මංගල උත්සවයක් සදහා මනාල යුවලක් වයික්කාල ප්‍රදේශයේ සිට වාහන පෙළපාලියක් මහජනතාවට හා මාර්ගයේ ගමන්ගත් වාහනවලට බාධා අයුරින් ගමන් ගන්නා බවට ලැබුණු තොරක් අනුව පොලිස් කණ්ඩායමක් වහා ක්‍රියාත්මකවී වෙන්නප්පුව නගරයේ දි එම පෙළපාලිය නතර කර රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන පරිදි මනාල යුවල ගමන්ගත් මෝටර් රථයේ අංක තහඩු නොපෙන පරිදි සැරසිලි කිරිම, අධික නලා ශබ්ද කිරිම, මාර්ගය අවහිර කිරිම මෝටර් රථවල විවිධ පහන් දැල්විම, මෝටර් රථ ඉබි ගමනින් ධාවනය කිරිම චෝදනා යටතේ වාහන 30 රියදුරන් වෙත දඩ පත්‍රිකා නිකුත් කර අවවාද කර  මුදාහැර තිබෙනවා.

වෙන්නප්පුව -  ඇම්.ඩි.රවින්ද්‍