Tuesday, August 20

Meet The Female Student Who Left Home To Fight ISIS - ත්‍රස්‌තවාදීන් 100ක් පරලොව යැවූ රූමත් වෙඩික්‌කාරිය බලන්න්කෝ

ISIS fighters, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,
ත්‍රස්‌තවාදීන් 100ක් පරලොව යැවූ 
රූමත් වෙඩික්‌කාරිය බලන්න්කෝ

ඩෙන්මාර්කයේ ජිවත්වන ශිෂ්‍යාවකට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක වන අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් විසින් මරණ වරෙන්තුවක්‌ නිකුත් කර ඇති අතර ඔවුන් ඇයගේ හිස ඩොලර් මිලියනයකට
මිල කර තිබෙනවා.

එනම් ඇයගේ හිස ගෙන එන ඕනෑම අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක්‌ ඔවුන්ගෙන් තෑගි වශයෙන් ලැබෙනවා.

අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට ඇය කොතරම් තර්ජනයක්‌දැයි ඉන් පැවසෙන බව දේශපාලන විචාරකයෝ පවසනවා. අයිසිස්‌ නොහොත් අයි එස්‌ අයි එස්‌ නම් දරුණු ත්‍රස්‌තවාදීන්ට මෙතරම් අවශ්‍ය නොහොත් ඔවුන් මෙතරම් බිය වී සිටින මේ ශිෂ්‍යාව කවුරුන්ද ? ඇය නමින් ජොආනා පලනි නම් 23 හැවිරිදි රූමත් ඩෙන්මාකයේ සරසවියක දේශපාලන විද්‍යාව හදාරන තරුණියක්. ඇය සිය ඉගෙනීම ඉවත ලා සිරියාවේ ජිහාඩ්වාදීන්ට එරෙහි සටන් පෙරමුණට එක්‌ වී ඇත. ඒ ස්‌නයිපර් තුවක්‌කුකාරියක ලෙසින්. එහිදී ඇය රුසියානු ස්‌නයිපර් රයිපලයකින් අයිසිස්‌ ඉලක්‌ක වෙත වෙඩි තැබීමට පුහුණුවක්‌ ලබා තිබේ.

ඇයගේ නොවරදීන ඉලක්‌කයට දැනට අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් 100කට අධික ප්‍රමාණයක්‌ ගොදුරු වී තිබෙනවා. නැවත ඩෙන්මාර්කයට පැමිණ සිටින ඇය දැන් එරට බලධාරින්ගෙන් සැඟවී සිටින අතර ඇය සිරගත කිරීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. ඩෙන්මාර්ක්‌ බලධාරීන් විසින් ඇයට නැවත සිරියාවට යැම තහනම් කර ඇත. තවද ජිහාඩ් සටන්කාමින්ට එරෙහිව සටන් වැදීම ඇයට තහනම් කොට තිබේ. එසේම ඉස්‌ලාම් අන්තවාදීන් විසින් ඇයව ලිංගික වහලෙකු ලෙස සේවය කිරීම පිණිස රැගෙන යැමට උත්සාහ කිරීමේ තර්ජනයකට මුහුණ දී සිටිනවා. ජොආනා තම ජීවිතය අනතුරේ හෙලමින් අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වැදීමට සිරියාවට පැමිණීම සහ ඉතා නිවැරදී ඉලක්‌කයට වෙඩි තබනා ස්‌නයිපර් වෙඩික්‌කාරියක දක්‌වා ඇගේ එළැඹුම පිළිබඳව ඇය සිතන්නේ මෙලෙසයි.

"මම මගේ ජීවිතය හා නිදහස අත්හැර දමා සිටින්නේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ කෲර ක්‍රියාවලට එරෙහිව සටන් වැදීමටයි. යුරෝපයේ සියල්ලන් ආරක්‌ෂා සහිතව ජීවත්වීම ඔවුන්ගේ අයිතියක්‌. මේ මගේ තෝරා ගැනීමයි. නමුත් මගේ රට මාව සළකන්නේ ත්‍රස්‌තවාදියකු ලෙසයි."

ජොආනා ග්‍රීෂ්ම ඝෘතුවේ ඩෙන්මාර්ක නීති බිඳ හෙලමින් නැවත සිරියාවට ගියා. "මට රටේ නීතිය බිඳින්නට වීම ගැන කණගාටුයි. නමුත් මට වෙනත් විසඳුමක්‌ නැහැ. මට සියළු දේ අහිමි වූයේ අනෙක්‌ රටවල සහෝදර ජනතාව වෙනුවෙන්, දැන් මගේ නිදහස නැති කිරීමට උත්සාහ කරන මගේ රටත් ඇතුළුව. මම ස්‌නයිපර්වරියක්‌. මම කැමති මගේ මොළයත්, මගේ ශරීරයත් අපගේ මෙහෙයුම වෙනුවෙන් යෙදවීමටයි. මම ජීවත් වන්නේ ලෝකයේ හොඳම රටවල් වලින් එකක. නමුත් මම නිවසක්‌ නැතිව, බඩගින්නේ, රාත්‍රියේ සීතලෙන් ගැහෙමින් මගේ අරමුණ වෙනුවෙන් පූර්ණ කාලීනව වැඩ කරනවා. මම කිසිවකු විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කුර්දීස්‌තානයේ කරනා ලෙස යුරෝපීය රටවල සිටින අයිසිස්‌වරුන්ට තර්ජනය කිරීමට මට අවශ්‍ය නැහැ." ජොආනාට සංක්‍රමණ වාරණය පැනවූයේ 2015 සැප්තැම්බර් මාසයේදීයි. නමුත් ඇය ඊට අකීකරු වෙමින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් කරමින් සිටින කුර්දීෂ් බලඇණියට එකතුවීම පිණිස 2016 ජූනි මස උතුරු සිරියාවට පලා ආවා. එහිදී ඇයව පුහුණු කළ ස්‌නයිපර්වරියද ඇයට එක්‌වුණා.

ඉරාන කුර්දී පෙළපතකට අයත් ජොආනා පළමු ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරානයේ සරණාගත කඳවුරකදී උපත ලැබුවා. ඉන්පසු සරණාගතයන් ලෙස ජොආනා පවුල ඩෙන්මාර්කයට සංක්‍රමණය වන විට ඇගේ වයස අවුරුදු තුනක්‌ විය. එතැන් සිට 2014 දී කුර්දීෂ් විමුක්‌තිකාමීන්ට එක්‌වන තුරු ඇය ඩෙන්මාර්කයේ ජීවත් වුණා. අයිසිස්‌ කඳවුරුවලට පහර දීමේදී ඇය වඩාත් උනන්දු වූයේ ලිංගික වහලියන් ලෙස සිර කඳවුරුවල රඳවා ගෙන සිටි ගැහැනුන් මුදවා ගැනීමටයි. ජොආනා පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින ඩෙන්මාර්ක්‌ බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදුව සති 3ක්‌ බන්ධනාගාරගත කරනු ලැබුවා. පසුව දෙසැම්බර් 23 දින උසාවියේ නියෝගයක්‌ පිට ඇයව නිදහස්‌ කළා. "එය වස ලඡ්ජාවක්‌. යුක්‌තිය වෙනුවෙන් සටන් කරන කෙනෙකුට දඬුවම් කරන ලෝකයේ පළමු රට අප වෙන්න පුළුවන්. ඇයට දඬුවම් කිරීම ඉහළම කුහකකමක්‌." ඇගේ නීතිවේදීයා වූ එබිල් කායා පවසනවා.

"මම ඩොලර් මිලියනයක ත්‍යාගයක සෙවණැල්ල වැටෙමින් තවමත් ජීවත් වෙනවා. මා පණපිටින් අසුවුවහොත් ඔවුන් මා ලිංගික වහලියක ලෙස යොදා ගනීවි. අවසානයේ මරා දමාවි. නමුත් මගේ අරමුණ මරා දමන්නට උන්ට කවදාවත් හැකි වෙන්නේ නැහැ"ජොආනා අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් පමණක්‌ නොව ඩෙන්මාර්ක්‌ බලධාරින්ගෙන්ද ගැලවී තවමත් යුක්‌තිය වෙනුවෙන් සටන් කරමින් සිටිනවා.
ISIS fighters, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,
ISIS fighters, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,
ISIS fighters, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,
ISIS fighters, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip, Hiru Gossip Lanka News, live at 7, live at 7 news, live at 7 news today,