Monday, August 12

Gossip Chat with Semini Iddamalgoda - “මට එයා දකින්න ආසයි. වැඩ වැඩිවීම සමඟ ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති.” – සේමිණී ඉද්දමල්ගොඩ

Gossip Chat with Semini Iddamalgoda - Semini Iddamalgoda, Gossip chat, Gossip lanka news, Gossip lanka sinhala news, Sinhala Gossip News,
“මට එයා දකින්න ආසයි. වැඩ වැඩිවීම සමඟ 
ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති.”සේමිණී ඉද්දමල්ගොඩ

ඇය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. විසි වසරක් පුරා රංගනය ඔස්සේ ඈ පෑ පෙළහර අප හදවත් තුළ සදා මතකයක්ව පවතීවී.
විටෙක අප සිනහ සයුරක ගිල්වා දමමින් ද තව විටෙක
කඳුළු සාගරයක අතරමං කරමින්ද, ඈ රැඟු රැඟුම් විශිෂ්ටතමය.

සේමිණි ඉද්දමල්ගොඩ අප කවුරුත් ආදරය කරන මේ අති දක්ෂ රංගන ශිල්පිනිය පසුගිය දා නෙළුම් පොකුණේ මහත් උත්කර්ෂවත් ලෙස පැවති රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී 2017 වසරේ තිරගත වූ 28 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය වූවාය.
මීට පෙර පැවති සිනමා සම්මාන උලෙළයන් හිදී නිසි ඇගයීමකට ලක් නොකළ සේමිණිගේ රංගනයට අවසානේ සාධාරණය ඉටුවිය.
නමුත් එදා සම්මානය අරගන්න ඈ පැමිණ සිටියේ නැත.
මෙතැන් සිට ඒ ගැන කියන්න අපි ඇයට කතා කළෙමු.

සේමිණි අපි හිතුවා විශාල සතුටක් ඇති කියලා.?
ලොකු විශේෂත්වයක් නෑ… වෙනදා වාගේ තමා..

නෑ මං කීවේ ඔබට ලැබුණු සම්මානය එක්ක.?
සතුටක් තියෙනවා. හැබැයි අර ඔබ කියූ විශාල සතුට එක්ක නෙමේ..

ඇයි එහෙම ඔබ කියන්නේ, හොඳම නිළිය වෙනවා කියන‍්නේ මොනතරම් සතුටක් ද?
ඔව් ඇත්ත… ඔබ කීවා හරි.. නිළියකට හොඳම නිළිය වීම ලොකු සතුටක්..

එහෙම නම් ඇයි, සේමිණි ඒ සතුට ඔබේ වචනවල නැත්තේ…?
හොඳම නිළිය වෙන්න තිබූ මගේ හොඳම කාලේ මට මේ සම්මානය ලබා දුන්නේ නෑ.
හැමදාමත් නිර්දේශ කරලා නොදී හිටියා. මීට අවුරුදු කිහිපයකට කලින් මට මේ සම්මානය දුන්නා නම් මට හොඳ චිත්‍රපට රැසක් ලැබෙන්න තිබුණා..

හරි දැන් ඉතිං ඔබට හොඳම නිළිය සම්මානය හිමි වුණානේ.?
අවුරුදු 20 ක් ගියා හොඳම නිළිය සම්මානය ලැබෙන්න. නිරහංකාර ආඩම්බරයක් එක්ක කල් ගිහින් හරි නිළි ජීවිතයට ගෞරවයක් ලැබීම ගැන සතුටු වෙනවා.

ඇයි සම්මාන උලෙළට නාවේ…?
කිසිම සම්මාන උලෙළකට යන්නෑ කියලා තීරණය කරලා උන්නේ..?

මේ සම්මානය ගැන ඉඟියක්වත් ලැබුණේ නැද්ද…?
නිර්දේශ වෙලාද කියලවත් දන්නේ නෑ. සම්මාන උලෙළට එන්න කියලා දුරකථනයෙන් ආරාධනා කළා. එච්චරයි.

දුකක් නැද්ද රාජ්‍ය වේදිකාවකදී සම්මානය ගන්න නොලැබීම ගැන.?
සම්මාන ගැන අදහස අතහැර දාපු නිසා වෙන්න ඇති එහෙම දුකක් නොසිතෙන්නේ…

ඇයි 28 හි සුද්දිට මේ තරම් කෙනෙහිලිකම්..?
අනේ මන්දා… ඔය කෙනෙහිලිකම් 28 චිත්‍රපටයට විතරක්ම නෙමේ නේ… මම රඟපෑ ටෙලි නාට්‍ය- චිත්‍රපට රැසකට ඔය කෙනෙහිලිකම සිද්ධ වුණා.

එහෙම නම් මේ සේමිණි එක්ක තරහවක්..?
සිනාසෙමින් ‘අනේ මන්දා එකනම් ..මම නම් කා සමඟවත් එහෙම අමනාප නෑ.

මතක හැටියට ඔබ වේදිකාවේ හොඳම නිළිය වුණා.
රංගනයේ අමාරුම මාධ්‍යය වේදිකාව. මට මීට පෙර එය ජයගන්න ලැබුණා නේ..

අද ක්ෂේත්‍රයට එන නිළියන්ට ලැබෙන සම්මාන පොකුරු ඔබට එදා ලැබුණේ නෑ..
ඔව්… අද ඔය එන අලුත් නිළියන් ගැන මට දුකයි. සම්මාන පිට සම්මාන දීලා ඒ ළමයින්ගේ ගමන නවතා දමනවා. සම්මාන අරගත්තහම සමහරු දකින්නත් නෑ. අපි බොහෝ දේ ඉගෙන ගනිමින් – අත්දැකීම් ලබමින් සෝ තැවුල් – ජය පරාජය ලබමින් දීර්ඝ කාලීනව ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඇගයීම් ලැබීමයි වන්නේ.

සංජීව පුෂ්ප කුමාර මුහුණු පොතේ හරහා දමා තිබුණා සම්මාන උලෙළවල් රැසකින් නිසි ඇගයීමක් නොදුන් 28 – සුද්දීට අවසානේ රාජ්‍ය සම්මාන උලෙ‍ෙළහි රාජ්‍ය ගෞරවය ඇතුවම හොඳම නිළි සම්මානය ලැබූ බව .
‘අනේ ඇත්තද…? එය මම දැක්කෙත් නෑ.‘
‘ස්තුතියි ඔහුට මට එයා දකින්න ආසයි. ඇත්තම කීවෝත් හිතාගන්නවත් බැරි විදිහට බොහෝ දෙනෙක් කතා කරලා සුභ පැතුවා.
පිට රටවලින් පවා ඇමතුම්. සුද්දී කොච්චරක් නම් මිනිසුන්ගේ හදවත්වලට ළං වූ චරිතයක් ද කියලා මං තේරුම් ගත්තා.

සේමිණි යළි දකින්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්?‘
ම්… කරපු ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් එන්න තියනවා. ටෙලි නාට්‍ය පැත්තට නැඹුරුවක් නම් දැන් ඇත්තෙම නැහැ.

සේමිනිගේ මිලත් හරි ඉහළයි ලු නේද?
අය කිරීම් ඉහළයි.. ඔව් ඒක ඇත්ත. හැබැයි හිතට දැනෙන රඟපෑමක් නම් සතපහක් නොගෙන මං රඟපානවා.

ධම්මික කියනවාලූ නේද ආයෙත් එයාට එයාගේ බිරිඳ ලැබිලා ඉන්නවා කියලා.
සිනාසෙමින්. ‘ඔව් … මම නිළියක් වූණේ විවාහ වුණාට පසුනේ. ඒ කාලේ වැඩ වැඩිවීම සමඟ ඔහුට මාව නැතිවුණා වාගේ දැනෙන්න ඇති. දැන් ආයේ විවේකීව ගෙදරට වෙලා ඔහුගේ වැඩ පළ බලාගෙන ඉන්න නිසා ධම්මික එහෙම කියනවා.‘

අවංකව සේමිණි කියන්න… ඔබ කැමැති නිළි ජීවිතයට ද? පවුල් ජීවිතයට ද?
පවුල් ජීවිතයට …එය විසිරිලා ගිහින් ලොව හොඳම නිළිය වූවත් මට නම් වැඩක් නෑ. ඇත්තටම මම ජීවිතය ජය අරන් තියෙනවා.

දැන් දුව කොහොමද..?
කෙල්ලට දැන් අවුරුදු 18ක්. එයා බුද්ධිමත් දරුවෙක්. වැඩිදුර අධ්‍යාපන වැඩ සඳහා දුව ළඟදී විදේශ රටකට යාවි… සමහර විට… ඔව්… ගොඩාක් වෙලාවට අපිත් දුව සමඟ රට යයි.

‘මට අත්තිමට මෙහෙම හිතෙනවා. මොනදේ වුණත් සේමිණි ඉන්නේ සිනහව අතරින් කියලා.?

‘සහතික ඇත්ත… චිත්‍රපට ..ටෙලි නාට්‍ය.. සම්මාන… ඇතත්, නැතත් මම ඉන‍්නෙත්… ඉන්න උත්සාහ කරන්නෙත් සිනහව අතරින්ම තමා…. මොකද මට ලෝභ හිතෙන තරම් ලස්සන ජීවිතයක් නේ ලැබිලා තිබෙන්නේ..‘