Thursday, August 22

Hijacked Bus Standoff On Brazil's Rio Bridge - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න - මගීන් 37 දෙනෙකු සමග බස් රථයක් පැහැරගත් කොල්ලකරුවාට, ස්නයිපකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්

Hijacked Bus Standoff On Brazil's Rio BridgeHijacked, Brazil, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, lanka hot news,
මගීන් 37 දෙනෙකු සමග බස් රථයක් පැහැරගත්
කොල්ලකරුවාට, ස්නයිපකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්.
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී මඟීන් සහිත බස් රථයක් ප්‍රාණ ඇපයට ගත් තුවක්කුකරුවෙකුට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. ස්නයිපකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් එම වෙඩික්කරුවා
ජිවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම මොහොතේ මඟින් 31ක් පමණ බස් රථයේ රැඳි සිට ඇති අතර ඉන් මඟින් 6 දෙනෙකු ඔහු විසින් මුදාහැර තිබෙනවා. ඒ කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

තුවක්කුකරු සතුව පෙට්‍රල් ඇතුළු බොහෝ දේ තිබූ බවත් ඔහු සමඟ සාකච්ඡා කරන අතරතුරත් පොලීසිය, ස්නයිපර්කරුවන් ඇතුළු දැඩි සන්නද්ධ ආරක්ෂක රැකවල් යොදවා තිබූ බව සඳහන්. මෙම තුවක්කුකරු අලුයම 5.30ට රියෝ බලා යන බස්රථයකට ගොඩ වී මඟින්ට තර්ජනය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පැය හතරකට පසු ස්නයිපවරයෙකුගේ වෙඩි පහරකින් කොල්ලකරුවා මරණයට පත්ව තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ එම මාර්ගයේ මංතීරු කිහිපයක් අක්‍රියව තිබූ අතර මාර්ගයේ නතර වූ මඟින් ඔවුන්ගේ ජංගම දුරකථනවලින් අදාළ සිදුවීම පටිගත කර තිබුණා. රියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර විල්සන් විට්සෙල් ද මේ සිදුවීම ගැන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔහු එහි සඳහන් කර ඇත්තේ, "ප්‍රමුඛතාවය දිය යුත්තේ ප්‍රාණඇපකරුවන් ආරක්ෂා කිරීමට" බවයි. එක් අවස්ථාවකදී පමණක් තුවක්කුකරු හිස ඔසවා ඔහුගේ මුහුණ පෙන්වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මෙම කොල්ලකරුගේ අනන්‍යතාවය හෙළිදරව් කර නොමැති අතර ඔහු යම් ඉල්ලීමක් කළේද නැතහොත් ඔහුගේ අභිප්‍රාය කුමක්ද යන්නත් පැහැදිලි කර නැහැ.