Thursday, August 22

Horrifying moment kissing couple plunge to their deaths from a bridge - පාලමක් මතදී සිප වැළඳගත් පෙම් යුවළ නොසිතු මොහොතක අඩි පනහකට ඇද වැටී මිය ගිය හැටි කැමරාවක සටහන් වෙයි

Accident, Gossip Video, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Sinhala Gossip News,
පාලමක් මතදී සිප වැළඳගත් පෙම් යුවළ
නොසිතු මොහොතක අඩි පනහකට ඇද වැටී
මිය ගිය හැටි කැමරාවක සටහන් වෙයි

දකුණු ඇමරිකානු පේරු රාජ්‍යයේදී පසුගිය සෙනසුරාදා වාර්තාවූ අවාසනාවන්ත අනතුරක සීසීටීවී වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවතක්
බවට පත්ව තිබෙනවා.

පේරුහි කුස්කෝ නගරයේ බෙත්ලෙහෙම් නමැති මාර්ගයක් හරහා දිවෙන පාලමක් මතදී පෙම් යුවළක් සිප වැළඳගන්නට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අඩි 50ක් පමණ උසැති මෙම පාලමක් මත සිප වැළඳගැනීමට ගිය යුවළට සමබරතාවය ගිලිහී යාම නිසා ඉන් ඇද වැටී මරණයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මේබත් එස්පිනෝස් සහ ඇගේ පෙම්වතා වුණු හෙක්ටර් විදාලුයි. සංචාරක මගපෙන්වන්නන් හැටියට රැකියාවේ නියැලීමට පේරූ රටට පැමිණ ඇති මේ යුව​ළ රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පාන්දර 1 ට පමණ පාලම මතට ඇවිද ගොස් එහි පැති වැටක් අසළ සිට සිප වැළඳගැනීමට පටන් ගෙන ඇති අතරවාරයේ දෙදෙනාගේ මත් ගතිය නිසා ඔවුන්ගේ සමබරතාවය ගැන සැලකිල්ලක් දක්වා නැහැ.

සමබරතාව ගිලිහී පාලමේ වැටට උඩින් ඔවුන්ව පහළට ඇද වැටී දැඩි ලෙස තුවාල ලබා සිටි කාන්තාව අතරමගදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර පෙම්වතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පේරු රාජ්‍යයේ රූපවාහිනී නාලිකා මෙම අනතුරේ සීසීටීවී ප්‍රසිද්ධ කර තිබුනේ පහත ආකාරයටයි