Thursday, August 22

Baby Dead in Rathmalana - වෛද්‍ය පාඨමාලාවක් හදාරන්න ගිය පළමු වසරේ සිසුවියක් කාටත් රහසින් නානකාමරයක දරුවෙකු ප්‍රසූත කරපු හැටි

Rathmalana, Gossip lanka news, Gossip lanka sinhala news, Hiru Gossip Lanka News, Sinhala Gossip News,
"මේක කාටවත් කියන්න එපා, මම හෙට උදේම ගමේ යනවා.."
ප්‍රසූත කළ බිළිඳා මියගිහින්, දැරිය රෝහල්ගත කරලා..
මිහින්තලේ පදිංචි පුද්ගලයකු සමඟ සබඳතා පවත්වලා..

රත්මලාන විශ්වවිද්‍යාලයක නේවාසිකව සිටි සිසුවියක්  (19දා) අලුයම එහි නාන කාමරයක් තුළදී දරුවකු ප්‍රසූත කර
ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසනවා.

ප්‍රසූත කරන ලද බිලිදා මියගොස් ඇති අතර සිසුවිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි සඳහන්.

මිහින්තලේ පදිංචි මෙම සිසුවිය 20 හැවිරිදි වියේ පසු වනවා.

මෙම වසරේ ජුනි මස මැද භාගයේදී විශ්වවිද්‍යාලයට පැමිණ තිබූ මෙම සිසුවිය එහි නේවාසිකාගාරයේ තවත් සිසුවියන් තිදෙනකු සමඟ නවාතැන් ගෙන සිටින බව පොලිසිය පවසනවා.

ගම් ප්‍රදේශයට ගොස් සිටි ඇය පෙරේදා (18දා) සවස මිහින්තලේ නිවෙසේ සිට පැමිණ අනෙකුත් සිසුවියන් සමඟ කිසිම වෙනසක් නොපෙන්වා කල් ගත කර ඇති අතර ඔවුනොවුන් නිවෙස්වලින් රැගෙන ආ ආහාර සවස එකිනෙකා බෙදා හදාගෙන අනුභව කර ඇති නමුත් රාත්‍රි කෑම ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

රාත්‍රි එකොළහට පමණ සිසුවිය බඩේ අමාරුවක් බව පවසා වේදනාවෙන් සිටින විට අනෙකුත් සිසුවියන් ඇයට වේදනා නාශක පෙති දී නොයෙකුත් ප්‍රතිකාර පවා ලබාදී තිබෙනවා.

රාත්‍රි උදර වේදනාව වැඩි වූයෙන් අනෙකුත් සිසුවියන් ඒ බව එහි පාලනාධිකාරියට දැනුම් දීමට සූදානම් වෙද්දී සිසුවිය වැසිකිළිය තුළට ගොස් ‍ෙදාර වසාගෙන පැයකට අධික කාලයක් ගත කර තිබෙනවා.

පසුව ඇය චීත්ත රෙද්දක් සිසුවියන්ගෙන් ඉල්ලාගෙන මඳ වේලාවක් ගතවෙද්දී චීත්ත රෙද්දේ යමක් ඔතාගෙන එයින් පිටතට පැමිණ ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසුවා. චීත්ත රෙද්ද අතරින් බිලිඳු දරුවකුගේ පාද දෙක හා හිස දැකීමෙන් කලබලයට පත් අනෙකුත් සිසුවියන් ඒ බව වහා පාලනාධිකාරියට දැනුම් දීමට නැවතත් පියවර ගෙන තිබූ බව පොලිසිය පවසනවා.

පසුව ඇය "මේක කාටවත් කියන්න එපා මම හෙට උදේම ගමේ යනවා" යැයි පවසා තිබෙනවා.

මඳ වේලාවකදී එම ස්ථානයට පැමිණි පාලනාධිකාරියේ සාමාජිකාවක් වහා ක්‍රියාත්මක වී නේවාසිකව සිටින කථිකාචාර්යවරයකුද එම ස්ථානයට ගෙන්වා සිසුවිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

සිසුවිය අත රැඳි චීත්ත රෙද්දේ ඔතා සිටි බිලිදා ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පොලීසිය සඳහන් කළා.

රෝහල් ගතව සිටි සිසුවිය මිහින්තලේ පදිංචි පුද්ගලයකු සමඟ පැවැත්වූ සමීප සබඳතාවක් හේතුවෙන් ගැබ් ගන්නට ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එම්.ඒ. උදයකුමාර, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාමනායක, කොස්තාපල් වසන්ත (69925) මහත්වරුන් හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීහු පරීක්ෂණ පවත්වනවා.