Friday, May 29

world health organization covid 19 update


ලෝකයම වසාගත් මාරාන්තික කොරෝනා ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ඇග කිළිපොලා යන අනතුරු ඇගවීමක්
"ආසාදිතයින් හුදකලා කිරීම වහා සිදු කළ යුතුයි..."
"අවදානම පහව යන බව සහතික වෙන්න බැහැ.."

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවන් ලිහිල් කිරීමත් සමග වෛරසයේ අවදානම පහව නොයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

එහි කොවිඩ් 19 පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබාරෝ ප්‍රකාශ කළේ එම සීමාවන් ලිහිල් කළ ද ජනතාව අතර, පුද්ගල දුරස්ථභාවය හැකිතාක් දුරට පවත්වා ගත යුතු බවයි.එමෙන්ම, ආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම ද සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළා.මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ගෝලීය නිෂ්පාදනයට ඩොලර් ටි‍්‍රලියන 8.5 ඉක්මවන පාඩුවක් සිදුවන බවයි.එමගින් ඇදහිය නොහැකි විනාශයක් මෙන්ම, ඉතිහාසගත මට්ටමක සාගතයක් සහ දුර්භික්ෂයක් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවා සිටියා.එම තත්ත්වය වැළැක්වීමට නම් ගෝලීය වසංගතයට එක්සත්භාවයෙන් සහ සහෝදරත්වයෙන් ප්‍රතිචාර දැක්වීමට ජාතීන් පියවර ගත යුතු බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කළේ.