Friday, May 29

Wallawaya murder case

wallawaya, Sinhala Gossip News, Hiru Gossip Lanka News, Murder,

ඉඩම අයිති කරගන්න සැමියා සමග එකතු වී තම 23 හැවිරිදි  සිය නැගණිය මරා කෑලිවලට කපා හැංගු පාපතර අක්කා
18 හැවිරිදි අක්කාගේ සැමියත් පොලිස් අත්අඩංගුවට...
පොල්ලකින් ගහලා කැලයක් තුළට ඇදගෙන ගිහින්...

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස්බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදය නයිගල් ආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් ඝාතනය කිරීමෙ සිද්ධියට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයකු ඌව කුඩාඔය පොලිසිය විසින් ඊයේ (28) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නයිගල් ආර තෙළුල්ල ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ තක්ෂිලා සදුන් දීපානී නැමති වයස අවුරුදු විසිතුනක වන අවිවාහක තරුණියකි.

මෙම තරුණිය පසුගිය පස් වනදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබි තිබිණ.

ඒ ඔස්සේ සිදු කළ විමර්ශනයන් සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක්‍රමශීලීභාවය නිසා ඊයේ (28) දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය වූ තරුණිය කිසියම් රැකියා කටයුත්තක් යාම සඳහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතර තුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරාදමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

එම ඝාතනය සිදු කළ ස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බැලීමේ අස්ථි කොටස් කිහිපයක්, හිස් කබල, ඇඳුම් සහ බෑගයක්ද සොයාගෙන තිබේ.

දැනට අනාවරණය වන තොරතුරු වලට අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස සහ ඉඩම ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසයි.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු විසි අටක් වන කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයා වන වයස අවුරුදු දහ අටක පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලිසිය විසින් සිදු කරයි.

මව්බිම
ඔක්කම්පිටිය - ඉදුනිල් අළුත්ගෙදර