Friday, May 29

Gossip Lanka Chat with Piumi Hansamali

Gossip Lanka Chat with Piumi Hansamali, Piumi Hansamali, Sinhala Gossip News, Gossip lanka news,

ගෙදර ගෑණී ඉටි රූපයක් වගේ ලස්සන වුණත් පිට යන මිනිහා පිට යනවාමයි
අපි දෙන්නා අවුරුදු හතරක් එකට ජීවත් වුණේ බැන්ඳේ නැති වුණාට.." - පියුමි හංසමාලි

"මම ආයේ විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක තමයි.."
"මම ගොඩක් ආදරේ කරපු පෙම්වතා දැන් නැහැ, තනිකම මකා ගන්න කවුරු හරි තියා ගන්නවා.."

"පිටින් පේන පියුමි හංසමාලි නෙමෙයි සැබෑ ජිවිතයේ ඉන්නේ, දරාගන්නම බැරි නිසයි අයින් වුණේ .."

පියුමි හංසමාලි කියන්නේ මේ වෙද්දී නිළියක් වගේම නිරූපිකාවක් විදිහට ජනතාව හොදින් හදුනන චරිතයක්. ඉන්දීය සිනමාපටයකට පවා රංගන දායකත්වය ලබා දෙන්න තරම් වාසනාවන්ත වූ පියුමිට බොහෝ දෙනෙක් විලාසිතා නිසා විවේචනය කරනවා. නිරන්තරයෙන්ම විවේචනයට ලක් වෙන පියුමි ආදරේ හා විවාහය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ ඒ ගැනයි.

පියුමි කොහොමද..?

හොදයි. හොදින් සතුටින් ඉන්නවා.

අපි ආදරේ ගැන කතා කරමුද..?

ඒක හොදයි.

එහෙනම් මුලින්ම කියන්න පියුමිගේ හිතට මුලින්ම පිරිමි කෙනෙකුට ආකර්ශනයක්, ආදරයක් ඇති වෙනකොට පියුමිගේ වයස කීයද ඒ කවුරු වෙනුවෙන්ද කියලා...?

ඉස්කෝලේ යන කාලේ ආදරයක් හෝ කොල්ලෙක්ට ආකර්ෂණය වෙන්න තරම් අවබෝධයක් මට නම් තිබ්බේ නැහැ. තේරෙන්නේ නැහැ. නමුත් ජිවිතේ මුල්ම වතාවට අවංක ආදරයක් දැණුනු ආකර්ශනීය හිතක් තිබුණු කෙනෙක් මට මුණගැහුනේ මිට අවුරුදු හතරාමාරකට විතර කලින්. මගේ හිත ආදරණිය විදිහට සැනසුනේ ඔහු ලග.මම එයාගේ නම කියන්න ඕන නැහැ. එයා කවුද කියලා හැමෝම දන්නවා. එයාගේ නම මතක් කරද්දී පවා මට දුකයි

දැන් ඒ ආදරේ කෝ..?

ඔහුගේ ආදරේ මට අහිමි වුණා. අපි දෙන්නා අවුරුදු හතරක් එකට ජිවත් වුනේ බැන්දේ නැති වුණාට. එක ගෙදර කාලයක් ජිවත් වුනු නිසා ඔහුගේ මතක අමතක කරන්න අමාරුයි. නමුත් කොහොම හරි මට හිත හදාගෙන ජිවත් වෙන්න සිද්ධ වෙනවා. අමාරුවෙන් නමුත් ඔහුව අමතක කරලා ජිවත් වෙන්න මම දැන් උත්සහ කරනවා.

පියුමි සංවේදී කෙනෙක් නේද..පිටින් බලන කෙනෙකුට පියුමි දගකාර විසේකාර යුවතියක් විදිහට පෙන්නේ..?

බාහිරෙන් පේන පියුමිට වඩා සැබෑ ජිවිතයේ ඉන්න පියුමි හරිම සංවේදී කෙනෙක්. මට දරා ගන්න පුළුවන් ශක්තියක් තිබ්බත් ආදරේදී හිත රිදෙන තරමට මම සංවේදී වෙනවා. ඉක්මනට දුකට පත් වෙනවා. ආදරේ කරන කෙනා බොරු කරද්දී මට දරා ගන්න අමාරුයි. දරාගන්න බැරිම තැන තමයි මම ගොඩාක් ආදරේ කරපු ජිවත් වෙන්න පුළුවන් කියලා හිතලා බැදීමක් ඇති කරගත්ත ආදරෙන් පවා වෙන් වුණේ. සමහර අය මට මඩගහනවා. මම එළියේ දාගෙන ෆොටෙස් ගන්නවා. යාළුවො එක්ක විනෝදෙන් ඉන්නවා කියලා. ඒ මොනවා කළත් මමත් ගැහැනියක්.

ඒ ආදරේ අහිමි වුනා කියලා දැන් පියුමි විවාහ වෙන්න අදහසක් නැද්ද..?

මම විවාහ වෙන්න හිටියේ මම ගොඩක් ආදරේ කරපු මගේ පෙම්වතාව. ඔහුගෙන් වෙන් වුනාට පස්සේ මම විවාහයක් ගැන හිතන්නේ නැහැ කියලා හිතුව. නමුත් ආදරේ කරන්න බැරිකමක් නැහැනේ. කතාබහ කරන්න තනිකම මකාගන්න කාව හරි ලං කරගනියි. ප්‍රශ්න එක්ක විවාහ වෙලා දික්කසාද වෙනවට වඩා හොදයි සැනසීමෙන් සතුටින් තනියම ජිවත් වෙන එක. ආදරේ කරන කෙනා වැරදි කරද්දී අද හැදෙයි හෙට හැදෙයි කියලා හිතලා ඒ ආදරේ ආරක්ෂා කරගත්තා. නමුත් හැදුනේ නැහැ. එහෙම හැදෙන්නෙත් නැහැ. ඉතින් ඇයි ආදරේ කියලා දුක් විදින්නේ. දුක අල්ලාගෙන ඉන්නම බැරි තැන ඒ දුක අත හැරලා දැම්ම. ගැහැණු එහෙම දුක් විදින්නේ ඇයි. මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක. මොකද විදේශිකයෝ හොද අවබෝධයකින් පවුල් ජිවිතේ ගෙනියන්නේ. අපේ රටේ ජනප්‍රිය තරු කිහිපදෙනෙක් පිටරට ජිවත් වෙනවා. එයාලා හරිම සතුටින් ජිවිතේ විදිනවා. ඒවා දකිද්දී මටත් එහෙම වෙන්න තිබ්බ නම් කියලා හිතුනා. මම විවාහ වෙන්නේ විවාහ වුනොත් විදෙශිකයෙක් එක්ක කිව්වේ ඒකයි.

සාමාන්‍ය යුවතියක් විදිහට හිතුවොත් ඔබත් එක්ක විවාහ වෙන්න සුදුසු කෙනා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද..?

මට මහා ලොකුවට සල්ලි අවශ්‍ය නැහැ ජිවත් වෙන්න. යාන වාහන ලොකු ලොකු ගෙවල් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආසයි මට අවංකව ආදරේ කරන ඒ ආදරේ මට දැනෙන ආදරේ කරන කෙනෙකුට. ගැහැනුන්ට ගරු නොකරන අය ආදරේ කරන්න දන්නේ නැහැ. ගැහැණු ඉන්නේ ගුටි කන්න නෙමෙයි. මම පුංචි කාලේ ඉදලා විදවපු කෙනෙක්. ඒ විදවීම මගේ ජිවිතේට ආයෙමත් ලං කරගන්න මම බයයි. ඒ නිසා මම විවාහ වෙන කෙනා ගැහැනුන්ට ගරු කරන, අවංක, ගොඩාක් ආදරේ කරන මාව බලාගන්න කෙනෙක් වෙන්න ඕන.

පියුමි කලින් විවාහ වෙන්නෙත් ආදරේ කරලා..?

ඔව්. මගේ පළමු ප්‍රේමයෙන් පස්සේ හමුවුණු කෙනා එක්ක තමයි මම විවාහ වුනේ. එතකොට මගේ වයස 18යි. අවුරුදු 3ක් වගේ ඒ විවාහ ජිවිතේ තිබ්බා. ඔහුත් එක්කත් ගැටුම් ඇති වුනා. පසුව මම ඔහුගෙන් අයින් වුනා. දෙන්නම කතාබහ කරලා තමයි දික්කසාද වුනේ. එයාට දැන් විවාහ වෙන්න පෙම්වතියක් ඉන්නවා. මට එයා ගැන කිසිම වෛරයක් නැහැ. එයා පුතාගේ තාත්තා. මට ඕන තරම් ප්‍රේමවන්තයින් ඇති කරගන්න පුළුවන්. නමුත් මගේ පුතාට ඉන්නේ එක තාත්තා කෙනයි. ඒ නිසා පුතාගේ ආදරේ තාත්තාට හිමි වෙනවා. එයත් පුතාට ආදරෙයි. නිතරම වීඩියෝ කෝල්ස් ගන්නවා. ඒ වෙලාවට මමත් කතා කරනවා.

මේ සමාජයේ අනියම් සම්බන්ධතා දකින්න ලැබෙනවා. පියුමිගේ සමාජ ආශ්‍රය වැඩියි. ඔබ ඒ ගැන මොකද කියන්නේ..?

ගෙදර ඉටි රූපයක් වගේ බිරිදක් හිටියත් වෙන ගැහැනියක් එක්ක යන මනුස්සයා යනවාමයි. එහෙම නොයන මනුස්සයා ඉටි රූපයක් වගේ ගැහැනියක් ආවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි මම දකින කොලිටි එක. සමහර යාලුවන්ගේ හස්බන්ඩ්ලා යාළුවන්ට හොරෙන් මට මැසේජ් කරනවා. එහෙම අයත් නැතුව නෙමෙයි. මගේ පෙම්වතා වෙන කෙල්ලෝ එක්ක චැට් කරලා අහුවුණු වෙලාවට මමත් ෆෝන් පොළොවේ ගහලා දුක් වෙලා තියෙනවා. ඒ නිසා instagram profile එකේ කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා ඉන්න කොල්ලෙක් මට මැසේජ් කලොත් මම රිප්ලයි කරන්නේ නැහැ. මම අකමැතියි මම වගේම වෙන කෙල්ලෙක් මම නිසා දුක් විදිනවට. අනියම් සම්බන්ධතා ඕන තරම් තියෙනවා. ගෙදර බිරිද බැන්දට පස්සේ ජිම් ගිහින් ඇග හැඩට තියාගත්තා නම් පිරිමි වෙන ගැහැණු හොයාගෙන යන්නේ නැති වෙන්න පුළුවන්.

ඔබ බොහෝ විට ශරීරය නිරාවරණය වෙන්න, ඒ කියන්නේ අඩනිරුවත් විලාසිතා කරන්නේ. ඔබේ පුතා දැන් තේරුම් තියෙන වයසක ඉන්න දරුවෙක්. ඔහුගෙන් ඒවාට තහනම් තහංචි වැටෙන්නේ නැද්ද..?

පුතාගේ වයස අවුරුදු 10යි දැන්, මම කොට ඇදුමක් ඇන්දොත් එයා මට කියනවා මොකක්ද ඔය ඇදලා තියෙන්නේ ඔහොම පාරේ යන්න පුලුවන්ද කියලා මගෙන් අහනවා. මම එයාට කියනවා ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න කියලා. මට මෙහෙම විලාසිතා කරන්න පුළුවන් වෙන්නේ තව අවුරුදු කිහිපයක් විතරයි. මම පුතාගේ පාසලට යද්දී අඩනිරුවතින් යන්නේ නැහැ. හොදට වැහෙන්න ඇදලා යන්නේ. තැනට සුදුසු විදිහට අදින්න මම දන්නවා. පුතාගෙන් නම් දැන් නීති වැඩියි.

අලුත් නිර්මාණ ගැනත් කියමු..?

ජැක්සන් මහත්මයා එක්ක ඉන්දියාවේ නිර්මාණයකට සම්බන්ධ වුනා. ඒක මට ලැබුණු හොදම අවස්ථාව. ඉන්දියාවේ තවත් නිර්මාණ තුනකට මට ආරාධනා ආවා. තවම මම කැමැත්ත දුන්නේ නැහැ. බලමු ඉදිරියට.

හර්ෂණී වීරරත්න - source:Hiru Gossip

Gossip Lanka Chat with Piumi Hansamali, Piumi Hansamali, Sinhala Gossip News, Gossip lanka news,

Gossip Lanka Chat with Piumi Hansamali, Piumi Hansamali, Sinhala Gossip News, Gossip lanka news,

Gossip Lanka Chat with Piumi Hansamali, Piumi Hansamali, Sinhala Gossip News, Gossip lanka news,

Gossip Lanka Chat with Piumi Hansamali, Piumi Hansamali, Sinhala Gossip News, Gossip lanka news,