Monday, May 25

iraj weeraratne sister rishini weeraratne speaks

iraj weeraratne sister rishini weeraratne speaks, iraj weeraratne, rishini weeraratne, Gossip lanka sinhala news, Sinhala Gossip News, Hiru Gossip Lanka News,

අයියා යන්නෙ වෙන පාරක මං යන්නෙ වෙන පාරක - රිෂිනි වීරරත්න

ඉරාජ්ගේ නංගී ඉරාජ් ගැන කියපු කතාව මෙන්න

ගායක ඉරාජ් වීරරත්නගේ සොයුරිය රිෂිනි වීරරත්න සම්බන්ධයෙන් මේ දිනවල කථාබහක් ඇතිව තිබෙන්නේ ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි සටහන්වූ සමරිසි වීඩියෝව හුවමාරු කළ අයෙකු ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා පළව ඇති නිසාය. ඇයගේ නිවසට පොලිසිය පැමිණ ප්‍රශ්න කිරීමක් කර ඇති බව මුල් වාර්තා පළවුණත්එ වැන්නක් සිදුව නැති බව ලංකාදීප පුවත්පතේ පසු දිනෙක සටහන්ව තිබුණි.
සිනමාවේදී ප්‍රීතිරාජ් වීරරත්නගේ දියණියක වන රිෂිනි ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනියක බව පැවසේ.

ඉරාජ් සමාජ මාධ්‍ය තුළ පෙරළිකාර චරිතයක් බවට පත්ව සිටියත් රිෂිනි ගැන මෙම සිද්ධිය වනතුරු කිසිවෙකු වැඩිමනක් දැන සිටියේ නැත. ඇය ඉරාජ්ගේ වීඩියෝ නිෂ්පාදන අනුමත නොකරන්නියක බවටද ඉඟි කරන්නියකි.

මීට කලකට පෙර ශෘගාරාත්මක වීඩියෝ නිසා ඉරාජ් ආන්දෝලනයක් ඇති කළ සමයේ 2018 සැප්තැම්බර් මාසයේ 'හයි' නාලිකාවේ ධනු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඒ ඉඟිය පළ කර තිබුණි.එහිදී ඇගෙන් විමසන්නේ සහෝදරයාගේ වීඩියෝ ගැන ඔබ සතුටුවනවාද යන්නයි.
ඇය එහිදී මෙසේ කියයි.

'මං ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න එච්චර කැමති නෑ. මං ගොඩාක් තර්ක කිරීම් හා වාද කිරීම් මගේ සොහොයුරා සමග සිදු කරනවා. සමහර වෙලාවට ඔහුට දැනෙන්නට මට පණිවිඩ දෙන්න බැරිව යනවා. මං ඒ වෙලාවට වෙන අයගේ උදව් ගන්නවා.පුද්ගලිකව මගේ මතය කාන්තාවන්ට හානිවන සියලු දේවල්වලට මා විරුද්ධයි. එය චිත්‍රපට වෙන්න පුළුවන්, දැන්වීම් වෙන්න පුළුවන් මියුසික් වීඩියෝ වෙන්න පුළුවන්, සන්නාමයක් වෙන්න පුළුවන්.එයාගෙ මතය විදිහට ඔබ හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටයක් බලන්න කැමති වන ආකාරයක් තිබේ නම් ඒ ආකාරයට ලංකාවේ මියුසික් වීඩියෝවක් කැමති නම් නරඹන්න පුළුවන්. ඇයි ඔබට සම්මතයන් දෙකක් තියෙන්නෙ කියලා එයා අහනවා.
මං මෙතැන්දි මෙහෙම හිතනවා.. අයියා වැඩිහිටියෙක් ඒ නිසා එයා එයාට ඕන දේ කරනවා. මං කරන්නෙ මට ඕන දේ. මට වෙනම ජීවිතයක් තියනවා.
එයා මං කරන දේට ඇඟිලි ගසන්නෙ නැතුවා වගේම මං එයාගෙ දේට ඇඟිලි ගසන්නෙ නෑ. හැබැයි තව දෙයක් තියනවා එයා තනිවම නෙමෙයි ඇතැම් දේ කරන්නෙ එයාගෙ නිෂ්පාදකයි අධ්‍යක්ෂකයි දෙන අදහසුත් එකතු කරගන්නවා.'

-(සූසර් ජයනන්ද)

රිෂිනි වීරරත්න පළ කළ එම අදහසට අදාළ වීඩියෝව පහතින්

source:Gossip Lanka News