Tuesday, May 19

15 හැවිරිදි දැරියක සමග හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ


කොරෝනා අස්සේ, 15 හැවිරිදි දැරියක සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු තරුණයෙකුට අවසානයේදී සිදු වුණ දේ
මාසයකට වැඩි කාලයක් අඹුසැමියන් ලෙස හැසිරිලා..
රාත්‍රීය පමණක් වෙනම නිවසක ගත කරලා..

වයස අවුරුදු 15ක දැරියක් සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණු සැකකරුවෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා (16) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

දැරිය නිවසින් අතුරුදන් වී ඇති බවට ඇගේ පියා විසින් නිට්ටඹුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරු සහ දැරිය නිට්ටඹුව, හග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයා ගැනුණා.

එහිදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ දැරිය සහ සැකකාර තරුණයා පෙම් සබදතාවයක් මත මාස එක හමාරක පමණ කාලයක් එම නිවසේ අඹුසැමියන් ලෙස ජීවත්ව ඇතිබවයි.

ඔවුන් රැඳී සිට ඇති එම නිවස සැකකරුගේ පියාට අයත් එකක් වන බවත්, එම නිවසේ කිසිවෙකුත් පදිංචිව නොසිටි බැවින් සැකකාර තරුණයා දැරියත් සමඟ රාත්‍රී කාලයේ පමණක් එහි ගතකරමින් දිවා කාලය ඉන් පිටත ගතකර ඇති බවත් පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු සහ දැරිය වතුපිටිවල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකාර තරුණයා ස්ත්‍රී දූෂණය සහ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරුනා.

එහිදී අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර බාල වයස්කාර දැරිය ඇයගේ පියාට භාරදීමටයි නියෝග කළේ.