Sunday, May 24

Samitha Mudunkotuwa love

Samitha Mudunkotuwa love, Samitha Mudunkotuwa, Gossip lanka news, Sinhala Gossip News, Gossip lanka sinhala news, Hiru News, Hiru Gossip Lanka News,

කොච්චර මිනිස්සු බැන්නත් මම එයාට ආදරෙයි 
සමිතාගේ පෙම්වතා යැයි සමාජ මාධ්‍යවල කියවෙන තරුණයා කියන අලුත්ම කතාව මෙන්න
හැමෝම බනිනව.. මම වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා එයත් එක්ක

ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුවගේ ගේ පෙම්වතා බව පැවසෙන තරුණයෙකු ගැන මේ දිනවල විවිධ සමාජ මාධ්‍යවල කතාබහට ලක්වනවා.

වයස අවුරුදු 21 ක් බව පැවසෙන එම තරුණයා සහ සමිතා ගැන නොයෙක් කතා මේ වෙද්දි පැතිරෙන අතර ඔහු ජා ඇළ ප්‍රදේශයේ තරුණයෙක් බවයි පැවසෙන්නේ.

චිරන්ත ගුණවර්ධන නමැති මොහු සමාජ මාධ්‍ය තළ කැපී පෙනන තරුණයෙක් වන අතර වැඩියෙන් ජනප්‍රිය වී ඇත්තේ ටික් ටොක් හරහායි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක සමිතාගේ ආදර කතාව යැයි කියමින් කතාවක් එළියට එනවාත් සමගම මොහු යූ ටියුබ් හරහා වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

බනින්න ..බනින්න... තව බනින්න යනුවෙන් සිනා මුසු මුහුණක් සඳහන් කරමින් ඔහු පවසා තිබෙන්නේ "කොච්චර මිනිස්සු බැන්නත් මම එයාට ආදරෙයි" යනුවෙනුයි. "එයාටමයි මේකත්" එහෙම කියලා තමයි ඔහු ෆේස් බුක් එකේ දාල තිබුනේ. "හැමෝම බනිනව.. මම වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්නවා එයත් එක්ක.." එහෙම වීඩියෝවකුත් ඔහු දාල තිබුනා.

අන්තිමට ඊයේ දාපු මෙම ටික් ටොක් වීඩියෝවේ ගායන ශිල්පිනී සමිතා එරන්දතී මුදුන්කොටුවගේ රෑප රාමු ඇතුළත් කිරීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙය සත්‍ය අදර කතාවක්ද නැතහොත් යමක් සඳහා වෙළෙඳ පොළක් සකසා ගැනීමට දරණ උත්සාහයක්ද යනුවෙන් ඇතැමුන් සැක පළ කර තිබෙනවා. "සිංදුවක් මාර්කට් කරගන්න සමිතා මෙච්චර හෑල්ලු වෙයි කියලා හිතුවේ නෑ "

චිරන්ත ගුණවර්ධනගේ වීඩියෝවට දාපු එක කමෙන්ට් එකක තිබුනෙත් ඒ හින්දා වෙන්න ඇති.

ඒ කියන්නේ, මේ කතාව ඇත්ත නැත්ත තවමත් සමහරුන්ට ප්‍රශ්ණයක්.

එහෙත් සමිතාගේ අදරණිය දියණිය කාවින්ද්‍යා අධිකාරී මේ සමාජ මාධ්‍ය ප්‍රචාර අතරේ පසුගිය දා තමන්ගේ ෆේස් බුක් එකේ සටහනක තබා තිබුනා.

මේ, ඒ සටහනයි

"මට, අම්මට, මගේ මල්ලිට ලංකාවේ ඉන්න බහුතරයක් කියන්න ඕන කතා ඔක්කොම කිව්වා... එදත්, අදත්, හෙටත්, ඉදිරියටත් එයාලා නොයෙකුත් දේවල් කියයි...ඒ හැම වචනයකින්ම හිත රිදුන කාලයක් තිබුනා මොකද තමන්ගෙ ලඟම හිටිය යාලුවොත් මං ගැන කියන කතා ආරංචි වෙලා. ඒත් දැන් වෙනකොට ඒ හැම වචනයක් ම මට හයියක් වෙලා.

මගේ අම්මා හොඳින් හිටියත් අහගන්න ඕන හැම කුණු කතාවක්ම අහගත්තා, ඒත් එයා වැටෙන්නේ නැතුව තනි මවක් විදිහට මාවයි මගේ මල්ලිවයි ඇස් දෙක වගේ බලාගත්තා, බලාගන්නවා. ඒක නිසා මගෙ අම්මාගෙ ජීවිතේ ගන්න තීරණ ගැන මටයි මගේ මල්ලිටයි ප්‍රශ්නයක් නැත්තම් අනිත් අය

ප්‍රශ්නයක් කරගන්න ඕනෙම නෑ. අපේ ප්‍රශ්න උන්ගේ ප්‍රශ්න කරගෙන පුදුම නැටිල්ලක් නටන්නේ Comments වල මේ මිනිස්සු පවු අප්පා...

කොහොම උනත්,

මගේ අම්ම මේ ලෝකේ ඉන්න දික්කසාද උන පළවෙනි ගැහැණිය නෙමේ.අනික ඇය දික්කසාද වෙලා දැනට අවුරුදු හරියටම 10 වෙනවා. ඇයගේ ජීවිතේ ගන්න කිසිම තීරණයකට ඇත්තටම කිව්වොත් මට වත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ කියන තැන මම ඉන්නේ, මොකද මගේ තාත්තා මාවත් එපා කියලා දාලා ගිහින් මම ඉන්නවාද නැද්ද කියලාවත් බලන්නේ නැති එකේ මගේ අම්මත් මාවා දාලා ගියා නම් මට මෙලහකට මොනා වෙලා අති ද?... මගේ අම්ම ට දහදහස්වාරයක් පිං මාවයි මල්ලිවයි ඒ හැම දුකක්ම උහුලගෙන අපිව ඇස් දෙක වගේ බලාගන්නවට.

බුදුන්ටත් කතන්දර හැදුවානම් මිනිස්සු, අපි කවුද ?

හැමෝටම බුදුසරණයි!

-කවී-

මේ මාතෘකාව සම්බන්ධව දාන අන්තිම post එක "

source: Hiru Gossip