Wednesday, May 20

Coronavirus News updates - ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ


එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ
"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.."
"නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."

මේ වන විට ලෝකයම වෙළාගෙන සිටින කොවිඩ්-19 හෙවත්, මාරාන්තික කොරෝනා වෛරසය එන්නතක් නිපදවීමටත් ප්‍රථම මෙලොවින් ස්වභාවිකවම තුරන්ව යනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන මහාචාර්ය කැරොල් සිකෝරා පවසනවා.


"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.. නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් අත්හදා බලමින් සිටිනවා.

එමෙන්ම මැඩගස්කරයෙන්ද කොරෝනාවට එරෙහි "මැජික් අරිෂ්ටයක්" සාදා ඇති බව, විදෙස් මාධ්‍ය පසුගිය දිනෙක වාර්තා කළා. එය කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය ඇති කළද, නිශ්චිත ඖෂධයක් ලෙස පිළිගැනීමට නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

මේ අතර, පසුගියදා එංගලන්තය විසින් හඳුන්වා දුන් එන්නත වඳුරන් සඳහා කළ අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, මිනිසුන් සඳහා සිදුකරන අත්හදා බැලීමේදී ඒ සඳහා පරීක්ෂණ පුළුල් මට්ටමකින් ක‍ළ යුතු වනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, නොවැම්බර් මස වෙද්දි එන්නතක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවයි.

මාරාන්තික නව කොරෝනා වෛරසය නිසා මේ වන විටත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

source:Hiru Gossip