Friday, May 29

coronavirus news sri lanka


ශ්‍රී ලංකාව කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක.. 
රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය අංශ අමාරුවේ

කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප‍්‍රමානයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කුවේට්හි සිට මෙරටට පැමිණෙන සේවක ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට නාවික හමුදාවේ පොකුරට අමතරව විදේශීය රටවලින් මෙරටට පැමිණි අයගෙන් ද තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මෙම පොකුරු නිසි ලෙස කලමණාකාරනය නොකලහොත් රට තුල නැවතත් කොරෝනා දෙවැනි රැුල්ලක් අතිවීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.