Saturday, May 4

Katuwapitiya bomb blast suspect | කටුවාපිටියේ බෝම්බකරු සාපෙළ ඒ 9 ක් ගත් අයෙක්

Katuwapitiya bomb blast suspect

කටුවාපිටියේ බෝම්බකරු
සාපෙළ ඒ 9 ක් ගත් අයෙක්

පසුගියදා සියයකට වැඩි පිරිසක් මරා දමමින් මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ බෝම්බයක් පුපුරුවා ගත් අච්චි මොහොමදු හස්තුන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට වැඩිදුර තොරතුරු රැසක්
අනාවරණයවී තීබේ.

ඔහු නාවාතැන් ගෙන සිටි මීගමුව කොච්චිකඩේ දළුපොත ප්‍රදේශයේ පිහිටි

නිවසක්ද රහස් පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (01) සොයාගෙන ඇත. මෙම නිවස ඉතාලියේ රැකියාවක නිරත ශ්‍රී ලාංකික කාන්තාවකට අයත් බව කියැවේ. හස්තූන් මෙම දෙමහල් නිවසේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට පදිංචිව සිට ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

මෙම නිවසේ හිමිකාර කාන්තාව වසර කිහිපයක සිට ඉතාලියේ රැකියාවක

නිරතව සිටින අතර ඇය නිවසේ අයිතිය ඇටෝනි බලපත්‍රයකින් සිය මවට පවරා පුත්තලම නිල් අඩිය ප්‍රදේශයේ පිහිටි සුනාමි කඳවුරු නිවාසවල පදිංචිව සිටින ලතීෆ් මොහොමඩ් හාපි යන අයකුට මාසයකට රුපියල් 45,000 පමණ මුදලකට කුලී පදනම මත ලබා දී ඇති අතර මේ සඳහා අත්තිකාරම් වශයෙන් ලක්ෂ 02ක පමණ මුදලක් නිවසේ අයිතිකාර කාන්තාවගේ මවට ලතීෆ් ගෙවා ඇත.

නිවස කුලී පදනම මත ලබාගත් ලතීෆ් නමැත්තා වෙනුවෙන් බදු ඔප්පුවට අත්සන් කර ඇත්තේ බෝම්බකරු වන හස්තූන්ය. ලතීෆ් නමැත්තා මේ වනවිට ආගිය අතක් නැත.

බෝම්බය පුපුරන අවස්ථාවේ පල්ලිය අසළ සිට ඔත්තු බැලූ රතු පැහැති ටීෂර්ටයක් හැඳි පුද්ගලයා මෙම ලතීෆ්ද යන්න ගැන විමර්ශන සිදුවේ.

අච්චි මොහොමදු හස්තුන් නමැති බෝම්බකරු

පල්ලිය අසළ ඔබමොබ ඇවිදිමින් සිට දේවමෙහෙය අවසානයේ ස්තූති කතාව පවත්වන වේලාව කිට්ටුව බෝම්බ සවිකළ බෑගය සමග පල්ලියට ඇතුලුවෙන්නේ මැද දොරකිනි. එලෙස පැමිණීම පල්ලියේ සම්ප්‍රදාය අනුව නොගැළපෙන්නක් වුවත් ඔහුව වැළැක්වීමට කිසිවෙකු ඉදිරිපත් වී තිබුනේ නැත. ඔහු පල්ලියේ සෙනග මැද්දට පැමිණ බෑගය ඔසවා බෝම්බය පුපුරුවාගන්නා අතර විහාල පිරිසකට දිවි අහිමි කරවයි.

මෙම සැකකරු ගැන සිදු කරන විමර්ශනයේදී ඔහුගේ නමින් සටහන් වන විභාග ප්‍රතිඵලය ගැනද පොලිසියේ අවධානය යොමුව ඇත. ඔහු සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9 කින් සමත්වූ පුද්ගලයෙකු බවත් පසුව විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරා රසායන විද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති අයෙකු බවද හෙළිව ඇත.