Wednesday, May 1

isis terrorist Sri lanka speech before die | සයින්දමරුදු ත්‍රස්තයන් මැරෙන්න කලින් කළ කතාව මෙන්න

isis terrorist Sri lanka speech before die
ඉකුත්දා (26දා) කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසකදී බෝම්බ පුපුරවාගෙන මියගිය ත්‍රස්තයන් විසින් එම පුපුරුවා ගැනීම්වලට පෙර සමාජ ජාල වෙත වීඩියෝවක් නිකුත් කොට තිබේ.එම වීඩියෝව මඟින් ඔවුන් මෙම ප්‍රහාර සිදු කරන්නේ කුමක් සඳහාද යන්න
හෙළිදරව් කර ඇත.

එම වීඩියෝව එම ත්‍රස්තයන් සිටි නිවෙසේ සිට වීඩියෝ ගතකර ඇති බව දක්නට තිබේ.

පිරිමින් තිදෙනකු එම වීඩියෝවේ කතා කරන අතර එක් පිරිමියකු අසල කුඩා පිරිමි දරුවකුද සිටී.

එක් පිරිමියකු අතෙහි තුවක්කුවක්ද තවත් පිරිමියකු අතෙහි කඩුවක්ද දක්නට ලැබෙයි.

මෙහි කතා කරනු එක් පුද්ගලයකුගේ උදරයේ බෝම්බයක් බැඳ සිටින ආකාරයක්ද එම වීඩියෝවේ දක්නට තිබිණි.

“ඔවුන් අපට සමීප වෙලා තිබෙනවා දෙවියනි! අපි ඔවුන්ට හොඳ පාඩමක් උගන්වනවා දෙවියනි! අපගේ රුධිරය මේ භූමියේ ගලා යෑමට ඉඩදී ඔබගේ අරමුණ ඉටු කරනවා. දෙවියනි අපගේ ගම්බද ජනතාවට, මුස්ලිම් ජනතාවට කරදර කරන ඔවුන්ට අපි හොඳ පාඩමක් උගන්වනවා. මේ සටන නවතින්නේ නැහැ. මෙය අඛණ්ඩව සිදුවේවි අපි මැරුවත් මෙය නතර වෙන්නේ නැහැ. මෙම බෝම්බ පිපිරීම් සෑම තැනකම සිදු වේවි. ජනතාව ජිහාද් අතහැර වෙනත් මාර්ගවල ගමන් කරමින් සිටිනවා. ඔවුන්ව අත්හරින්න එපා. දෙවියනි ඔවුන්ගෙන් පළිගන්න දෙවියනි. මියගිය සහෝදරයන්ගේ බිරින්දෑවරුන් සිටිනවා. ඔවුන්වත් නුදුරේදීම ස්වර්ගයට කැඳවනු ලබනවා. දෙවියන්ට ජය වේවා” යැයි ඔවුන් එම වීඩියෝවෙන් ප්‍රකාශ කර ඇත.