Tuesday, April 7

Coronavirus infected Sri lankan woman in England talks Covid 19

කොරෝනා හැදී මරණයට ළංව සිටි 
ලාංකික කාන්තාව එංගලන්තයේ සිට කියූ කතාව
එයාලා කිව්වා ගෙදරට වෙලා රෙස්ට් කරන්න කියලා..
හුස්ම ගන්න අමාරු උනොත් එන්න කියලා කිව්වා..
ආටිකල් එකක මම දැක්කා ලෙමන් බොන එක හොඳයි කියලා..

කොරෝනා වැළඳී මරණයට ළංව සිටි එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්, වෛරසයෙන් ගැලවුණු අයුරු විස්තර කරන වීඩියෝවක්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


ඇය කොරෝනා වෛරසය හා සටන් කළ ආකාරය සිය ෆේස්බුක් ගිණුමේද සටහන් කර තිබුණා.

මමත් මේ භයානක කොරෝනා වෛරසය හැදිල සුවඋනු තවත් කෙනක්. ඔයාලත් සමග ඒ භායනක අත්දැකීම ඉතාම කෙටියෙන් කියන්න මම තීරනය කලා. මගේ අත්දැකීම කාටහෝ ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව.මුලින්ම 15/03 මගේ කටට කිසිම රසක් සහ නහයට කිසිම සුවදක් දැනෙන්නැති වෙන්න පටන් ගත්තා.


ඒත් මම ඒක ගනන් ගත්තෙ නෑ. 18/03 මගේ උගුර කසන්න සහ ඇග රිදෙන්න පටන් ගත්තා. 19/03 මට උන ටිකක් අවා. 20/03 මට හොදටම උන අවා. එක දිගට දවස් 9 සෙල්සියස් අන්ශක 37.9,37.8,38. මට නැගිටින්නට හෝ ඇවිදගන්නටවත් බැරි උනා. ගොඩාක් අමාරු හිසරදයක් ආව.

ඇස් දෙකවත් ඇරගන්න අමාරු වුනා.කැස්සත් පටන්ගත්ත .ඒ අමාරුව විස්තර කරන්න් වචන නෑ . දෙතුන් වතාවක් diarrhea ආවා.22/03 මම එන්ගලන්තෙ NHS 111 (ජාතික ස්වුඛය සේවය) කතා කරා. මට wexham park hospital එකට එන්න කිව්වා පරීක්ෂණ සදහා. මගේ chest xtray කරා. Clear කිව්ව. ලේ ගත්තා. ලේ විශවීමක් වෙලාද බලන්න . ඒකත් clear කිව්ව. ගෙදර යන්න කිව්ව . උන තියන නිසා පැරසිටමෝල් ගන්න කිව්වා. මට qaurantine වෙන්න කිව්වා.

ඒ සමගම මගේ පවුලේ අනිත් අයත් qaurantine වුනා. හුස්ම ගන්න ගොඩාක් අපහසු උනොත් පමනක් ambulance කතා කරල නැවත එන්න කිව්වා.නැවත්තත් මට හොදටම උන වැඩි උනා.කැස්සත් එන්න එන්නම වැඩි වෙනව. අමාරු උනා. NHS කාතා කරා.නැවත මට doctor කෙනෙක් කතා කරා දුරකතනයෙන්. මගෙන් ප්‍රශ්න වගයක් ඇසුව. 1-10ගනන් කරන්න කිව්ව. නැවත 1-30 .අවසානයේ ඇය මගේ සියලුම රෝග ලක්ෂණ අනුව මට covid19 ආසාදනය වී ඇති බව තහවුරු කරා.ඒත් මට ස්වසන අපහසුතාවය දරුනු නොවන නිසා ගෙදර ඉන්න කිව්වා. එන්ගලන්තෙ රෝහල්වල අසාද්‍ය රෝගියෙක් පමනයි බාරගන්නේ. මට මරණ බය කියන එකත් දැනුනා.

බෙහෙතක් කියල විශේෂයෙන් කියල ගත්තේ පැරසිටමෝල් විතරයි.ඒකෙන් උන ටිකක් අඩු වෙනව. මේ ලෙඩේට හරි බෙහෙතක් නැති නිසා මම අහල තිබුන ලෙමන් බොන එක හොදයි කියල.. දිනපාතාම ලෙමන් ගෙඩියක් පෙති කපල තම්බලා ඒ වතුර උනු උනුවේ බිව්වා දවසට 3 පාරක්.හැම විනාඩි 30 සැරයක් උනු වතුර බිව්වා. ඉගුරු පේන්ටි බිව්වා. හුමාලය ඇල්ලුවා . (කොත්තමල්ලි දෙපාරක් පමනයි මම බිව්වේ. මම කොත්තමල්ලි බොන්න කැමති නැති නිසා බිව්වේ නෑ.)

මේ දේවල් දිනපතාම කරා. මට ඇත්තටම ලොකු සහනයක් ලැබුන. ටිකෙන් ටික මට සුවයක් ලැබෙනව කියල තේරුනා.මම හිතනව මේ දේවල් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියල.දවස් 18 පස්සේ මම නැවත්තත් ජීවත් වෙනව කියල හැගීමක් දැනුනා.මගේ දෙමව්පියන්වත් මේ ගැන දන්නේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ. එයාලා බයවෙන නිසා අපි කිවෙවේ නෑ.මට උදව් කරපු විශේෂයෙන් මගේ අයියා Surath සහ Shehani , Oshadi අක්කි .මගේ husband Kasun . කෑම එක වතුර ටික බෙහෙත් ටික ලගට ගෙනත් දුන්නා . පුලුවන් විදියට කෑම හදල දුන්නා.ඔයාලට ගොඩාක් පින්.

මම වෙනුවෙන් භාර වුනු(Helapiyumi, Krishni akki)දිනපතා දුරකතන ාඇමතුමක් දීලා හරි දුක සැප බලපු මැසේජ් එවපු විශේෂයෙන් Nadeeka නන්ගි, හැමෝටමත් ගොඩාක් පින්. ඒවගේම මගේ දුකට සැපට හැමදාම ඉන්න මගේ හොදම මිතුරියන් Sunethra Shalika සහ නාලි ලෙඩේ අමරුව ටිකක් හරි අමතක උනේ ඔයාලගේ calls වලින් සහ මැසේජ් වලින්..ගොඩක් පින්. අපි සියලුදෙනා දැන් හොදින් ඉන්නවා.හැමදෙනාටම ගොඩාක් පින්...

ඇගේ වීඩියෝව පහතින් බලන්න...