Saturday, September 7

hiru gossip lanka news - සැමියා හා පුතා ගස් බැඳ බිරිද පැහැරගෙන ගොස් පාපතරයෝ දෙන්නෙක් කෘර ලෙස වද හිංසා කරමින් බිරිදව දුෂණය කරපු හැටි

hiru gossip lanka newsHiru Gossip, Hiru Gossip Lanka News, Sinhala Gossip News,

සැමියා හා පුතා ගස් බැඳ බිරිද පැහැරගෙන ගොස් පාපතරයෝ දෙන්නෙක් කෘර ලෙස වද හිංසා කරමින් බිරිදව දුෂණය කරපු හැටි

තම පුතු හා සැමියා ගස් බැඳ බිරියක පැහැර ගෙන ගොස් කෘර ආකාරයෙන් පහර දී බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනෙකුට වසර 42 හා 51 වශයෙන් වෙන් වෙන්ව සිර දඩුවම් නියම වී තිබෙනවා. පුත්තලම හිටපු මහාධිකරණ විනිසුරු (පූර්වගාමි) දැනට කොළඹ අංක 6 ශාලාවේ මහ අධිකරණ විනිසුරු
ලෙස සේවය කරන ජී.කේ.එම්. පටබැඳිගේ මහතා (5) දින පුත්තලම මහ අධිකරණයේ දී අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ නියෝග කර තිබෙනවා.

Loading...


මෙසේ සිර දඬුවම නියම වූයේ පල්ලම පොලිස් වසමේ ආඩිගම පදිංචි පත්තම් පෙරුම ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර (36) සහ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති (41) නැමති දෙදෙනකුටයි.

අදාල චුදිතයින් 2009 වසරේ අගෝස්තු මාසයේ 31 ආසන්න දිනයේ දී නාගල ආඩිගම ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැදි සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ අදාළ ඉඩමේ මුරකරු ලෙස සේවය කළ සැමියා හා පුතු ගස් බැඳ මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ඉන් පසුව කෘර ආකාරයෙන් ශරීරය පුරා තුවාල සිදුකරමින් රංචු ගැසි බරපතල ලෙස ලිංගික අපයෝඡනය කිරීමේ චෝදනාවට අදාළ චුදිතයන් වරදකරුවන් කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරුවරයා (පුර්වගාමි) සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙහිදී අදාළ චූදිතයන්ගෙන් පළමු චුදිත වූ පත්කම පෙරුම ආරච්චිගේ දොන් ප්‍රදීප් කුමාර නැමැත්තාට එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් ලෙස වසර 42 ක සිර දඬුවම් නියම කර තිබූ අතර එය වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙසට සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ සමග මෙහි දෙවන චුදිත වූ හෙට්ටිආරච්චිගේ ඇනස්ලි රුක්මන් නැමති චුදිතයාට නගා තිබු චෝදනා වෙනුවෙන් වසර 54 ක සිර දඬුවම් නියම කර තිබෙන අතර මෙහිදී අදාල චුදිතයාටද අදාළ සිර දඬුවම වෙන් වෙන් ලෙස ගෙවි යන ලෙස සිර දඬුවම නියම කිරීම විශේෂ වී එති බවයි සදහන් වන්නේ.

මෙයට අමතරව සිද්ධියට මුහුණ දුන් කාන්තාවට එක් චුදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමට ද මහ අධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. ඒ සමගම එය නොගෙවන්නේ නම් ඒ සඳහා ද මෙම සිර දඬුවමට අදාළ ලෙස වසර 5ක සිර දඩුවමක් බරපතළ වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබෙනවා.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහ අධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයෙ දි ප්‍රකාශ කර සිටියේ මෙම චුදිනයගේ හැසිරීම බරපතල වන අතර මෙහිදී මෙම කාන්තාව හාසනයට ලක්වීමක් පමණක් නොව චුදිතයින් විසින් ක්‍රියා කර ඇත්තේ තිරිසන් සත්තෙකුට නොගැලපෙන ආකරයටයි යනුවෙනුයි.