Monday, April 22

Bomb blast Sri lanka - Katana church bomb blast


Bomb blast Sri lanka - Katana church bomb blast

මරාගෙන මැරෙන බෝම්බකරු කටාන දෙව් මැදුරට ආ හැටි CCTV කැමරාවක සටහන් වෙයි - Photos
සැකකරුගේ යැයි සැලකෙන හිස දෙව් මැදුර අභ්‍යන්තරයෙන් හමුවෙයි
ප්‍රහාරයෙන් දේවස්ථානයට දැඩි අලාභහානි

ඊයේ දිනයේ දෙවන පිපිරීම වාර්තා වුණේ කටාන - කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයෙන්. පාස්කු දේවමෙහෙයට සහභාගී වූ පිරිස ඉලක්ක කරගෙන සිදුවූ එම පිපිරීමෙන් පුද්ගලයින් 104 දෙනෙකු මියගියා. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධිකයි.

මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණ වී
තිබෙනවා. කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ පිපිරීම සිදුවුණේද අද පෙරවරු 8.45 ටයි. එම අවස්ථාවේ දෙව් මැදුර ඇතුළත තිබූ ඔරලෝසුව ක්‍රියා විරහිත වී තිබුණා.

පිපිරීමෙන් තුවාල ලැබූවන් කඩිනමින් ඇතුළත් කෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලටයි. බරපතළ තත්ත්වයේ පසුවූවන් රාගම ශික්ෂණ රෝහලට යොමුකෙරුණා. මෙම ප්‍රහාරයෙන්ද දේවස්ථානයට දැඩි අලභහානියක් සිදුව තිබුණා.

කෙසේ වෙතත් දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණියේයැයි සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරු දෙව් මැදුර භූමියේ සිටි ප්‍රදේශවාසියෙකුගේ ඇස ගැටී තිබෙනවා. අදාළ සැකකරු දේවස්ථානය ප්‍රවිශ්ඨ වන ආකාරය එහි ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටි සැකකරුගේ යැයි සැලකෙන හිස දෙව් මැදුර අභ්‍යන්තරයේ තිබී හමුව තිබෙනවා.