Monday, April 22

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

Bomb blast Sri lanka - Dematagoda Mahavila blast

දෙමටගොඩ බෝම්බ පිපිරුණු නිවසින් මළ සිරුරු 3ක් හමුවෙයි
සැකකරුවන් නැවතී සිටි බවට සැක තවත් නිවසකුත් සොයාගැනේ- Video


කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඒ අතර....

දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීම සිදුවූ නිවසේ තිබී කාන්තාවකගේ සහ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

මේ අතර බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් නැවතී සිටි බවට සැකකෙරෙන
නිවසක් පානදුර සරික්කමුල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

දෙමටගොඩ මහවිල උද්‍යාන මාවතේ අද සිදුවූ පිපිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් නිලධාරීන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙම ස්ථානයේ එක් පිපිරීමක් සිදුවී මද වේලාවකින් අනතුරුව තවත් පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වූයේ.